වෘත්තීය සමිති බොරු වැටුප් විෂමතාවක් මේ පෙන්වන්නේ.හරියට විසඳුවොත් වැටුප තව අඩුවෙනවා – GMOF(VIDEO)

Date:

සෞඛ්‍ය සේවක වැඩවර්ජනයට ප්‍රධාන හේතුවක් වී තිබෙන වැටුප් විෂමතාව නිවැරදි ලෙස විසඳීම සඳහා ගණිතය පිළිබඳ දැනුමක් ඇති විද්වතුන්ගෙන් සමන්විත කොමිසමක් පත්කර පොදු වැටුප් ප්‍රතිපත්තියක් සකස් කර මෙම ප්‍රශ්නය විසඳීමට රජය මැදිහත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඉල්ලා සිටියි.

අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා පැවසුවේ වෘත්තීය සමිතිවලට පවතින බොරු ප්‍රශ්න රෝගීන්ගේ පිටින් විසඳා ගැනීමට යාමෙන් සිදුවන්නේ තව තවත් කණ්ඩායම් මෙවැනි තත්ත්වයන්ට පත්වන බවයි.

එහෙයින් ගණිතය පිළිබඳ දැනුමක් ඇති විද්වත් කොමිසමක් හරහා මෙය විසඳා ගත බවයි ඔහු අවධාරණය කළේ.

මුලින්ම පැවති 01/2006 වැටුප් පටිපාටිය ප්‍රතික්ෂේප කරමින් 06/2006 වැටුප් ක්‍රමවේදය ගෙන ආ අතර එතැන් පටන් පසුගිය යහපාලන ආණ්ඩුව තෙක් එය පැවති බවත් දැනට වැඩවර්ජනයේ නිරත කණ්ඩායම් එදා යහපාලන ආණ්ඩුව සමඟද සමීපව සිටි හෙයින් එදා එම විෂමතා විසඳ ගැනීමට ඉඩ තිබූ බවයි වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා කියා සිටියේ.

එම නිසා බොරු විෂමතා පෙන්වා මිනිසුන් රැවටීමෙන් වළකින ලෙසත් සැබෑ ලෙසම විෂමතා ඉවත්කළ හොත් පවතින වැටුපටත් වඩා වැටුප අඩු වන බව හෙතෙම සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...