ජාත්‍යන්තරයත් පිළිගන්නා වැක්සින් ගුවන් තොටුපල බළධාරීන් පිළිගන්නේ නෑ – රොෂාන් මහානාමගෙන් චෝදනාවක්

Date:

මේ වනවිට පැවැත්වෙන පකිස්තානු සුපර් ලීග් 20/20 තරගාවලියේ තරග තීරකවරයෙකු ලෙස රොෂාන් මහානාම මහතා කටයුතු කරයි. එම තරගාවලියට සහභාගිවීම සඳහා පකිස්තානය බලා පිටත්ව යාමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල වෙත පැමිණි මහානාම මහතා නොසිතූ කරදරයකට පත්ව තිබෙනවා.

ඔහු සිය සමාජ ජාලා මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ තමන් පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයෙකු බව ගුවන් තොටුපල බළධාරීන්ට තහවුරු කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි.

රොෂාන් මහානාම මහතා පළමු එන්නත් මාත්‍රාව ශ්‍රී ලංකාවේදී ලබාගෙන ඇති අතර ඉන් අනතුරුව පවුලේ සාමාජිකයන් සමග එක්සත් රාජධානිය වෙත ගොස් තිබෙනවා. දෙවැනි හා තෙවැනි එන්නත් මාත්‍රා ලබාගෙන තිබෙන්නේ එක්සත් රාජධානියේදීය. නියමිත කාලයේදී එන්නත් ලබා ගැනීම වඩාත් සුදුසු බවට එක්සත් ජාතීන්‍ගේ සංවිධානය ලබා දී තිබූ උපදෙස් අනුව එක්සත් රාජධානියේදී එන්නත් ලබා ගැනීමට කටයුතු කළ බවයි ඔහු පවසන්නේ.

පූර්ණ එන්නත්කරණයට ලක්ව තිබියදී පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයෙකු බව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සහතිකය නිකුත් කිරීම ශ්‍රී ලංකා බළධාරීන් ප්‍රතික්ෂේප කළ බවද ඔහු පවසනවා. ඒ ශ්‍රී ලංකාව තුළදී එන්නත් මාත්‍රා තුනම ලබා නොගැනීම හේතුවක් කර ගනිමිනි.

සමස්ත ලෝකයම පිළිගන්නා එන්නත් ලබාගෙන තිබියදී එය පිළිගැනීමට ශ්‍රී ලංකා බළධාරීන් කටයුතු නොකිරීම අවාසනාවන්ත තත්වයක් බවත්, මේ නිසා ගුවන් තොටුපලේදී දුෂ්කරතාවයට පත් වූ බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

සමාජ ජාලා මාධ්‍ය හරහා මේ බව ප්‍රසිද්ධ කිරීමට තීරණය කළේ සමාජය දැනුවත් කිරීමට බවත්, එම දැනුවත් කිරීම හරහා හෝ මෙවැනි ගැටලු නිරාකරණය කර ගැනීමට බළධාරීන් කටයුතු කරන්නේ නම් එය විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින සෙසු පුද්ගලයන්ට හෝ පසුවක් වනු ඇති බවත් රොෂාන් මහානාම මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...