රජය නියම කර ඇති මිලට වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින්ට වෙන්න යන දේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 10 කොළඹ (LNW): කෘෂිකර්ම අමාත්‍යාංශය රජය නියම කර ඇති මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් පිළිබඳ දැඩි තීරණයක් ගෙන ඇති බව දන්වයි.

ඒ අනුව රජය නියම කර ඇති මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා ව්‍යාපාරිකයින් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව පවසයි. 

මෙවර මහ කන්නයේදී කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන්, වී එකතුකරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් මගින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව එම අමාත්‍යාංශය පැවසීය.

ඒ සඳහා ව්‍යාපාරිකයින්ට රජය විසින් සහන පොලී අනුපාතයක් මත රාජ්‍ය හා වානිජ බැංකු කිහිපයක් මගින් ණය මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇති අතර ගොවීන්ටද  වාසිදායක වන පරිදි අවම වී මිල ගණන් ද ප්‍රකාශයට පත් කර තිබේ. 

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්දී ඇත්තේ, එසේ තිබියදීත් අදාළ ව්‍යාපාරිකයින් රජය අනුමත ණය මුදල් ලබාගෙන ගොවි ජනතාවගේ වී තොග රජය නියම කර ඇති අවම මිල ගණන් යටතේ මිල දී ගැනීම නොකරන්නේ නම් ඔවුන් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බවත්,

අමාත්‍යවරයා සඳහන් කළේ , රජය විසින් වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ සඳහා රුපියල් කෝටි 900ක මුදලක් සහන පොලී අනුපාතයක් යටතේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සහල් මෝල් හිමියන්, වී එකතුකරන්නන් සහ වී ගබඩා අයිතිකරුවන් වෙත ලබා දීමට පියවර ගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...