හුදෙකලා වූ ගාසා වැසියන් කුසගින්නට සත්ත්ව ආහාරත් කෑමට පුරුදුවෙලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 10 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ වෙසෙන ජනතාව දින ගණනක් තිස්සේ ආහාර හිඟයකින් පීඩා විඳින අතර, එහි ගාසා තීරයේ හුදෙකලා වූ වැසියන් සිය ආහාර අවශ්‍යතා ලෙස සත්ව ආහාර හා සහල් භාවිත කිරීමට යොමුව ඇතැයි වාර්තා වේ.

ඇතැම් නිවැසියන් ජීවත්වීම සඳහා සත්ත්ව ආහාර භාවිතයට යොමු වී ඇති අතර දැන් එම ධාන්‍ය තොග පවා අඩුවෙමින් පවතින බව ඔවුන් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජලය පානය කිරීමට හා සේදීම සඳහා ජල නල වෙත ප්‍රවේශ වීම සඳහා පොළව හාරන ආකාරය ද දැකගත හැකි බවයි.

මේ අතර එහි කුඩා දරුවන් අතර උග්‍ර මන්දපෝෂණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, දැන් එය 15%ක තීරණාත්මක සීමාව ඉක්මවා ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා ඇති බව සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ මානුෂීය සම්බන්ධීකරණ ඒජන්සිය වන ඔචා පවසන්නේ ගාසා තීරයේ උතුරට ගිය ආධාර අඩකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට සැපයීම සිදු නොවන බවයි.

උතුරු ප්‍රදේශවල ජීවත් වන බවට ඇස්තමේන්තු කර ඇති පුද්ගලයන් 300,000 ක් බොහෝ දුරට සාගතයේ වැඩෙන අවදානමකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...