*
Tuesday, February 11, 2025
spot_img

Latest Posts

නොරොච්චෝලේ බොයිලේරුව සිසිල් වෙන්න දෙන්න ඕනෙ – විදුලි කප්පාදුව තව ඇදෙයිද ?

රුවන් නෙළුගොල්ල

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය පෙබරවාරි 14 වනදා වනවිට ජාතික පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

“දැන් මේ වෙනකොට නොරොච්චෝලේ බලාගාරය පද්ධතියෙන් ඉවත් වූනාම එහි තියෙන සිසිලන පද්ධති සියල්ලක්ම අපට වැඩකරන්න බෑ, මොකද ඒවාට අවශ්‍ය විදුලිය අපි ගන්නෙ ග්‍රිඩ් එකෙන්මයි. ඒ නිසා දැන් සිසිලන පද්ධතිය වැඩ කරන්නෙ නැහැ. ඒ නිසා තමයි ඒක ට්‍රිප් වුණේ. නමුත් අපි දැන් කරගෙන යන්නෙ ඒ ට්‍රිප් වෙච්ච අවස්ථාවේ සිට ප්‍රධාන වශයෙන් කන්ඩෙන්සර් යන්ත්‍රය සහ බොයිලර් යන්ත්‍රය – ඔය බොයිලර් යන්ත්‍රය අපි ගත්තොත් එහෙම එහි තියෙන වතුර ඔක්කෝම දැන් වාෂ්ප වෙලා, එහි වතුර නෑ ඇත්තටම. දැන් අපි මේක යථා තත්වයට පත්කරන්න වතුර පුරවන්න ඕනෙ. නමුත් එහි උෂ්නත්වය තියෙන්නෙ ඉතාම ඉහළ අගයක. සෙන්ටිග්‍රේඩ් අංශක 350ක් වැනි ඉතාම ඉහළ අගයක. ඉතින් ඒක සිසිල් වෙන්න අවස්ථාව අපි දෙන්න ඕනෙ. ඒකට දවසක් දෙකක් ඒ කාලය යනවා. සිසිලන පද්ධතිය නැතිවුණාම ඔය ඩයෆ්‍රම්ස් ඔක්කොම ඉවත් වෙනවා. ඉතින් අපි ඉන්න ඕනෙ සෙන්ටිග්‍රේඩ් අංශක 60 කටවත් පත්වෙන තුරු ඉන්න ඕනෙ. ඊට අමතරව නොරොච්චෝලේ තියෙන අනෙකුත් පද්ධතිවලත් යම්යම් හානි සිද්ධ වුණා, ඒවාත් මේ වෙනකොට කාර්ය මණ්ඩලය දිවා රාත්‍රී වැඩ කරනවා ඒවා සාමාන්‍ය තත්වයට පත්කරගන්න. ඉතින් අපි හිතනවා 14 වෙනිදා වගේ වෙනකොට අපට පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම මේක පද්ධතියට සම්බන්ධ කරගන්න. එතකොට අපට මෙහෙම ඉල්ලුම කළමනාකරණය කිරීමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. අපි උත්සාහ කරනවා 14 වෙනිදාට කලින් මේක යථා තත්වයට පත්කර ගන්න. එහෙම වුණොත් අපි ඉදිරියේදී දැනුම් දෙන්නම්. දැනට අපි විදුලි කළමනාකරණ කාල සටහන් මාධ්‍යයට නිකුත් කරලා තිබෙනවා, මේ විදුලිය විසන්ධි කරන පැය එකහමාරක ප්‍රමාණයත් අපි උත්සාහ කරනවා ඉදිරි දින කිහිපයේදී අඩු කරන්නට. අපි හිතනවා තව දින කිහිපයක් යනකොට මේක සාමාන්‍ය තත්වයට පත්කර ගන්න පුළුවන් වෙයි කියලා”

ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (10) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan