වලස්මුල්ලේදීත් මාලිමාව පරාදයි !

0
3002

වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ.

මෙහිදී විපක්ෂයේ ඒකාබද්ධ කණ්ඩායම ඉදිරිපත් කළ අපේක්ෂකයින් 09 දෙනාම ජයග්‍රහණය කර ඇති අතර ජාතික ජන බලවේගයේ කිසිදු අපේක්ෂකයකුට ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමිව නැත.

ඒ අනුව වලස්මුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයට සමගි ජන බලවේගයෙන් සාමාජිකයින් 07කුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෑස් සිලින්ඩරය නියෝජනය කරමින් සාමාජිකයින් දෙදෙනෙකුත් පත්වී ඇති බව සඳහන්.