යෝෂිත සහ ඩේසි ආච්චි ගැන තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ (LNW):

යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය කටයුතු කර තිබේ.

ඒ, 2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවිනි.

සිදු කළ විමර්ශන අනුව මෙම මුදල් ස්ථීර තැන්පතු සහ බැංකු තැන්පතුවල යොදවා තිබී ඇති අතර එහිදී ඩේසි ෆොරස්ට් නම් තැනැත්තිය සමග හවුල් ගිණුමක් වශයෙන් මෙම ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති බවත් අනාවරණය වී ඇත. ඒ අනුව නීතිපතිවරයා විසින් ඩේසි ෆොරස්ට් නම් කාන්තාවත් මේ සඳහා සැකකාරියක් වශයෙන් නම් කිරීමට පොලීසියට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

අද (11) දින යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් නම් කාන්තාවට එරෙහිව  කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේදී සැකකරුවන් වශයෙන් නම් කර මුදල් විශුද්ධීකරණ පනත යටතේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර ඇති අතර, අදාළ කාන්තාවට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති බව සඳහන් වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා කියා සිටියේ, මේ සම්බන්ධ සියලු සැකකරුවන්ට අධිකරණය හමුවේ නඩු පැවරීමටත් කටයුතු කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : සිදු වූ ආපදාවත්...

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...