මෙක්සිකෝවේ කාටෙල් නායකයාගේ මරණයෙන් පසු තත්වය පාලනය කිරීමට 12000ක භට පිරිසක් යොදවයි

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ලෝකයේ වඩාත්ම අවශ්‍යව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන මෙක්සිකානු කාටෙල් නායක “එල් මෙන්චෝ” මෙක්සිකානු ආරක්ෂක හමුදා විසින් මෙහෙයවන ලද මෙහෙයුමක් හේතුවෙන් පසුගිය ඉරිදා(22)දිනයේදී ඝාතනය වීමත් සමඟ එහි තත්වය පාලනය කිරීමට 12,000ක භට පිරිසක් යොදවා ඇති බව වාර්තා වේ.

කාටෙල් (CJNG) යනු මෙක්සිකෝවේ වඩාත්ම බියකරු අපරාධ සංවිධානවලින් එකක් වන අතර”එල් මෙන්චෝ” ලෙස වඩාත් ප්‍රසිද්ධ නෙමේසියෝ ඔසෙගුරා සර්වන්ටෙස් – ජාලිස්කෝ ප්‍රාන්තයේ මෙක්සිකානු විශේෂ බලකායන් විසින් අල්ලා ගැනීමෙන් අත්අඩංගුවේ සිටියදී මිය ගිය දා සිට අවම වශයෙන් ප්‍රාන්ත 20 ක පමණ කෝලහාල ඇතිවී ඇත.

ගැටුම් හේතුවෙන් මෙක්සිකෝවේ ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින් අවම වශයෙන් 25 දෙනෙකු මිය ගොස් ඇති තර කාටෙල් සාමාජිකයින් විසින් බැංකු සහ ප්‍රාදේශීය ව්‍යාපාර, බස්රථ හා වාහන විශාල ප්‍රමාණයක් ගිනිතබා විනාශ කර ඇත.

මෙක්සිකෝ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් අගය කර ඇති අතර, ඇගේ ප්‍රමුඛතාවය රට පුරා සාමය සහ ආරක්ෂාව සහතික කිරීම බව ප්‍රකාශ කර ඇති අතර නොසන්සුන්තාවක් තිබෙන මුත් රජය හා සන්නද්ධ හමුදා ඇති බැවින් තත්වය පාලනය කළ හැකි බව සඳහන් කර ඇත.

එක්සත් ජනපදය එහි දකුණු දේශ සීමාව හරහා කොකේන්, ෆෙන්ටැනයිල් සහ මෙතම්ෆෙටමින් විශාල ප්‍රමාණයක් ජාවාරම් කළ බවට චෝදනා ලැබූ එල් මෙන්චෝ අල්ලා ගැනීම සඳහා ඩොලර් මිලියන 15 (£11m) ක ත්‍යාගයක් ප්‍රකාශයට පත්කර තිබු අතර මෙම මෙහෙයුමේ සාර්ථකත්වයට අදාළ රහස් තොරතුරු එක්සත් ජනපද බලධාරීන් විසින් ලබා දී ඇති බව මෙක්සිකානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ ස්ථිර පදිංචිය සඳහා ගාස්තුව 20 ගුණයකින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ජපානයේ ස්ථිර...

පවතින ඩීසල් හිගය හේතුවෙන් සංචිත මුදාහරින ලෙස ඇමරිකාව ප්‍රංශයට සහ ජර්මනියට දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ලෝක ඩීසල්...

අද සිකුරාදා හිටපු ඇමති බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...