ආසියානු රටවල සංචාරක කණ්ඩායම් සඳහා නිරිත දිග චීනයේ සංචාරයට විශේෂ අවසරයක්!

Date:

කොළඹ LNW:ඊයේ (10) සිට ආසියානු රටවල සංචාරක කණ්ඩායම් සඳහා නිරිතදිග චීනයේ යුන් නැන් ( Yunnan ) පළාතේ ෂි ෂුවං බැන් නා (Xishuangbanna ) ප්‍රදේශයට වීසා රහිතව ප්‍රවේශ විය හැකි බව චීන ජාතික ආගමන පරිපාලනය පවසයි.

මෙම නව ප්‍රතිපත්තියට අනුව මැලේසියාව, ඉන්දුනීසියාව හා තායිලන්තය ඇතුළු ආසියානු සංවිධානයේ රටවල, පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් සිටින සංචාරක කණ්ඩායම්වලට සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර සහිතව ෂි ෂුවං බැන් නා ප්‍රදේශයට වීසා රහිතව ඇතුළු විය හැකියි. චීන සංචාරක ඒජන්සිවල සේවා ලබන එම කණ්ඩායම්වලට දින 6ක් ඇතුළත ෂි ෂුවං බැන් නා ප්‍රදේශයේ රැඳී සිටීමේ නිදහස ද හිමි වේ.

දකුණු ආසියාව හා අග්නිදිග ආසියාව සමග යුන් නැන් පළාත පවත්වන සම්බන්ධතා වඩාත් ශක්තිමත් කිරීම සඳහා මෙම නව නිදහස් වීසා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව චීන ජාතික ආගමන පරිපාලනය සඳහන් කර ඇත. එමගින් නිරිතදිග චීනයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහ චීන-ආසියානු පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතා තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය සමඟ වන ආරවුල් අවසන් කර ගන්නා ලෙස ජනාධිපති ට්‍රම්ප් ජපානයේ නව අගමැතිවරියගෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 27: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : චීනය...

ආපදා මරණ 31 ක් දක්වා වැඩි වෙයි. මාර්ග රැසක ගමනාගමනයත් අත්හිටුවලා!

කොළඹ LNW:මේ වන විට රට තුළ පවතින අධික වර්ෂා...

පොදු රඳ මඬුළු යෂ්ඨිය වෙනුවෙන් සිඳ්ධ වූ මෙහෙයුම

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කිංග්ස්...