සටහන – රුවන් නෙළුගොල්ල
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද (පෙබරවාරි 11) දිනයේදීත් විශාල වශයෙන් පහළ බැස්මක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 200.97 කින් පසුබැස ඇති අතර ගනුදෙනු අවසානයේ එහි අගය ඒකක 16,345.30ක් වශයෙන් සටහන්ව තිබිණි.
S&P SL20 මිල දර්ශකය ද ඒකක 66.99 කින් පහළ බැස තිබූ අතර ගනුදෙනු අවසානයේ එහි අගය දැක්වුණේ ඒකක 4,892.46 ක් වශයෙනි.
ගතවූ මාස කිහිපයක් තුළ වේගයෙන් ඉහළ ගිය කොටස් වෙළඳපොල මිල දර්ශක මේ වනවිට පහළ බසින තත්වයක් පෙන්නුම් කරමින් තිබේ.



