අලුත් කාර්යාලයෙන් නීතිපති හෝ නීතිපති දෙපාර්තමේන්තුව අහෝසි වීමක් නැහැ!

කොළඹ LNW:ස්වාධීන අභිචෝදක කාර්යාලය පිහිටුවීමේදී නීතිපතිවරයා හෝ නීතිපති දෙපාර්තුමේන්තුව අහෝසි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

අමත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති මාධ්‍ය හමුවේදීය.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී නීතිපති දෙපාර්තුමේන්තුවට වඩා කාර්යක්ෂමව සේවා සැපයීම අරමුණු කරගනිමින් මෙම ආයතනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර අතර නීතිපතිවරයා, නීතිපති දෙපාර්තුමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා නීතීඥ සංගමයද එහිදී නියෝජනය වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව එම කාර්යාලය පිහිටුවීමේ මූලික පියවරක් ලෙස කමිටුවක් පත්කෙරන අතර එය,
01.නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නියෝජිතයින් දෙදෙනෙක්
02.අධිකරණ අමාත්‍යංශයේ ලේකම්
03.අධිකරණ සේවයේ උක්ත විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකු
04.ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා හෝ සභාපතිවරයා විසින් නම් කරන නියෝජිතයෙකු පත්කිරීමට යෝජනා කර ඇත.

යෝජිත ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් මූලික සැලසුම් සකස් කිරීමට නියමිත අතර එම මූලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබාගැනීමට ද නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...