ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුවට මලල ක්‍රීඩකයෙක්

Date:

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW:

ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග සඳහා වනිදු හසරංග සෞඛය හේතු මත සහභාගි නොවන බව වාර්තා වෙනවා.අයර්ලන්තය සමග පැවති තරගයේදි යළිත් පාදයේ ආබාධය මතු වීම නිසා ඔහු අසීරුතාවයට පත් වුවත්,ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපවීමකින් පන්දු යවමින් කඩුලු 3 ක් දවා ගන්නට වනිඳු සමත් වුණා.


වනිඳුගෙන් හිස්වන ස්ථානය සඳහා දුශාන් හේමන්ත නම් කරන්නට මේ වන විට අයිසීසී අනුමැතිය ලැබ තිබෙනවා.පන්දු යැවීමේ තුන් ඉරියව් දක්ෂතා ඇති දුශාන් හේමන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේද කණිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස දක්ෂතා දක්වා තිබෙනවා.
මේ නම් කිරීම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන ඕමානයට එරෙහි තරගයට පමණක් ද යන්න සහ වනිදු සුව අතට හැරුණොත් ඉදිරියේදී නැවත කණ්ඩායමට පැමිණිය හැකිද යන්න අනාවරණය වී නැහැ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: “I don’t care that they stole my idea… I care that they don’t have any of their own.” මානවයා ගැන නිකොලා...

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): නිකොලා ටෙස්ලාගේ දවසේ...

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...