මාර්තු 28 ඇමරිකානු ඉතිහාසයේ විශාලතම විරෝධතාව පැවැත්වේ?

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව අද(28) ඇමරිකාවේ ප්‍රාන්ත 50ක මිලියන ගණනක සෙනගක් විදි බැස ඇති බව වාර්තා වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද “අධිකාරී ප්‍රතිපත්ති” ලෙස සංවිධායකයින් හඳුන්වන දෙයට එරෙහිව “NO KINGS” නමින් මෙම විරෝධතාවන් පැවැත්වෙන අතර 2025 ජුනි මාසයේදී ට්‍රම්ප්ගේ 79 වන උපන්දිනයෙන් පසු මෙම විරෝධතා රට පුරා ආරම්භ විය.

මෙය ඇමරිකානු ඉතිහාසයේ විශාලතම විරෝධතාව වශයෙන් හඳුන්වන අතර සංවිධායකයන් සඳහන් කරන්නේ, පෙළපාලි 3,100 කට වඩා සැලසුම් කර ඇති බවත් මිලියන 9කට අධික පිරිසක් සම්බන්ධ වනු ඇති බවත්ය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති, ඉහළ ජීවන වියදම සහ ඉරානය සමඟ යුද්ධයට එරෙහිව පෙළ ගැසෙමින් ඇලබාමා සිට වයෝමිං දක්වා පැවැත්වෙනු ඇත.

“NO KINGS” දිනය යනු ජනතා බලය ගොඩනැගීම සහ ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව සටන් කිරීම සඳහා පුළුල් උත්සාහයන්ගේ එක් අංගයක් පමණක් බවත්, එම කාර්යය “මාර්තු 28 න් පසු අවසන් නොවන” බවත් ඩිමොක්‍රටික්ස් සංවිධායකයින් නැවත නැවතත් අවධාරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ ස්ථිර පදිංචිය සඳහා ගාස්තුව 20 ගුණයකින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ජපානයේ ස්ථිර...

පවතින ඩීසල් හිගය හේතුවෙන් සංචිත මුදාහරින ලෙස ඇමරිකාව ප්‍රංශයට සහ ජර්මනියට දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ලෝක ඩීසල්...

අද සිකුරාදා හිටපු ඇමති බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...