සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර් රිජ් ද්විතීයික පාසලේ හා ඒ අසල නිවසක අද(11)දිනයේදී සිද වූ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයන් දස දෙනෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබා තිබේ.
පාසල තුළ වින්දිතයින් හය දෙනෙකු මියගොස් සිට ඇති අතර තවත් අයෙකු රෝහලට ගෙන යමින් සිටියදී මියගොස් තිබේ. මෙය දශක ගණනාවකින් කැනඩාවේ සිදු වූ මාරාන්තිකම පාසල් වෙඩි තැබීම බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
පාසල මේ වන විට තාවකාලිකව වසා දමා ඇති අතර ඒ අසල නිවසකද පුද්ගල මළ සිරුරු දෙකක් හඳුනාගෙන ඇත. වෙඩි තැබූ බවට චෝදනා ලැබූ පුද්ගලයා සියදිවි නසාගෙන සිටියදී පාසල් ගොඩනැගිල්ලෙන් සොයාගෙන තිබු අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් කැනඩා අගමැති මාර්ක් කාර්නි සිය ශෝකය ප්‍රකාශ කර තිබු අතර ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බව එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

