ඉන්දි‍ය සෞඛ්‍ය ඇමති සහ මිලින්ද අතර හමුවක්. ඖෂධ, පොහොර ඇතුළු කරුණු රැසක් ගැන සාකච්ඡා

Date:

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය මන්සුක් මන්දාවියා මහතා අතර හමුවක් පසුගිය 08 වනදා නවදිල්ලි නුවරදී පැවැත්වී තිබේ. ඉන්දියාවේ රසායනික සහ පොහොර පිළිබඳ අමාත්‍යාංශය ද පවතින්නේ මන්සුක් මන්දාවියා අමාත්‍යවරයා යටතේ ය.

අමාත්‍යවරයා සහ මිලින්ද මොරගොඩ මහතා අතර පැවති සාකච්ඡාවේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සහයෝගීතාව පුළුල් කර ගත හැකි ක්‍රමවේදයන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු වී ඇත.

ඒ අනුව, ශ්‍රී ලාංකික ආනයනකරුවන්ට ඉන්දියාවෙන් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සහාය ලබාගැනීම, අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියාව මෙරටට ලබාදී ඇති ණය මාර්ගය ඵලදායී හා කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම සහ ඉන්දියාවෙන් ඖෂධ ලබාගැනීම සඳහා රජයෙන් රජයට ගනුදෙනු කෙරෙන යාන්ත්‍රණයක් ඇතිකිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්.

එසේම ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට ඉන්දීය වෛද්‍ය විද්‍යාලවල පශ්චාත් උපාධි හැදෑරීමේ අවස්ථා ලබාදීමේ හැකියාව පිළිබඳ සොයාබලන ලෙසත් මහකොමසාරිස්වරයා ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ තෝරාගත් ප්‍රදේශවල ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ස්ථාපිත කිරීම සඳහා ඒකාබද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමට සහ ආයෝජන ගෙන ඒමට ඉන්දීය සමාගම්වලට ඇති අවස්ථාවන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

මීට අමතරව, ශ්‍රී ලංකාවට පසුගිය යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීම සඳහා පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 55 ක ණය මුදලක් ලබාගැනීම සඳහා ඉන්දීය රසායනික හා පොහොර අමාත්‍යාංශය ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අමාත්‍ය මන්සුක් මන්දාවියා මහතාට ස්තූතිය පුදකර ඇත.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...