ඉන්දීය ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් දිවයිනට

Date:

පෙරේදා (09) යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපොළින් යාපනය වෙත පැමිණි ඉන්දියාවේ ධීවර කටයුතු හා සත්ත්ව නිෂ්පාදන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති එල්. මුරුගන් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් පිළිගනු ලැබීය.

මේ අවස්ථාවට යාපනයේ සිටින ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රකේෂ් නර්ටාජ් මහතා ඇතුළු තවත් පිරිසක්ද එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු හා සත්ත්ව නිෂ්පාදන හා කෘෂිකාර්මික කටයුතු පිළිබඳවද නිලධාරීන් සමඟ මේ ඉන්දීය දූත පිරිස සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

ඉන්දීය ආධාර මත රුපියල් කෝටි සීයක මුදලකින් යාපනයේ ඉදි කළ සංස්කෘතික මධ්‍යස්ථානය බාරදීමද ඉන්දීය රාජ්‍ය ඇමැතිවරයා විසින් සිදුකරනු ලැබීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...