*
Friday, May 17, 2024
spot_img

Latest Posts

චීනය විශාල ආයෝජනයකට සැරසෙමින්!

මෙරට චීන තානාපති පවසන්නේ ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීම සඳහා ඇති අවස්ථා සොයා බැලීමට චීන රජයේ විශාල නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවයි. ඒ අනුව එළඹෙන මාසයේදී එම කටයුතු සිදුවෙනු ඇති බවය.

ඒ බව දැනුම් දෙන ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්,

“අපේ මිත්‍රත්වයට හානි සිදුකළ හැකි යම් යම් බාහිර සාධක තිබිය හැකියි. එහෙත් මම හිතනවා ඒවායින් අපේ මිත්‍රත්වය පළුදු නොවනු ඇතැයි කියා. චීන රජය සහ එහි අනෙකුත් ආයතන සියල්ල ශ්‍රී ලංකාවට අත දීමට සූදානම්. චීන රජය මෙන්න ප්‍රාදේශීය රජයන් සහ සමාගම් ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීම ගැන සොයා බැලීමට පැමිණෙන්න සූදානමින් සිටිනවා.”

“චීන ශ්‍රී ලංකා ඝෘජු ගුවන් ගමන්ද මේ වසරේ අප්‍රේල්, මැයි වනවිට දෙගුණයකින් ඉහළ යාවි.”

පසුගිය දා චීනයෙන් පරිත්‍යාග කෙරුණු ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීමද මෙහිදී සිදුකෙරුණු අතර ඒ මෙරට චීන තානාපති චී ෂෙන්හොන් මහතා විසිනි.

රුපියල් මිලියන 04 ක වටිනාකමකින් යුතු ඖෂධ තොගයක් මහරගම අපේක්ෂා රෝහලට සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පිරිනැමුණු ලැබීය . චීනය කොවිඩ් වසංගතයෙන් පසු යළි සිය දේශසීමා විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සමාගම එළඹෙන අප්‍රේල් පළමු සතියේ සිට චීනයේ ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත සතියකට තුන් වතාවක් වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානමින් සිටින බවද දැනුම් දෙයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan