රටේ මෙතරම් ප්‍රශ්න තිබෙන වෙලාවේ ජනාධිපතිතුමා මේ දෙකොන පත්තුවෙන විලක්කුවක් අතට ගත්තේ ඇයි කියලා මම නම් දන්නේ නෑ – සිරිසේන

Date:

සර්වපාක්ෂික රජයක් සාදන්නේ නම් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කතාව සම්බන්ධයෙන් කියන්න ඕනා එතුමා ඊයේත් කිව්වා සියළු දෙනාම රට ගොඩ ගන්න එකතු වෙන්න කියලා. මම හිටපු ජනාධිපති ගෝඨාභය සහ රනිල් වික්‍රමසිංහ මහතා සමගත් කිව්වේ සර්ව පාක්ෂික රජයක් හදමු කියලා. අපි ඒකට සාකච්ඡා කළා. නමුත් වර්තමාන ආණ්ඩු පක්ෂය කිව්වේ ඒක කරන්න බෑ කියලා. සර්ව පාක්ෂික රජයක් හැදෙනවා නම් අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා.

දැන් 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කතිකාවකත් ඇති වී තිබෙනවා. මේ 13 වැනි සංශෝධනය ගැන කතාව ඉතාම පැරණියි. පළාත් සභා හරහා ෆෙඩරල් ඕනා කියලා දැන් දමිළ මන්ත්‍රීවරු කියනවා. හිටපු ජනාධිපතිලා කිව්වා 13 ප්ලස් දෙනවා කියලා. ඒ නිසා තමයි මේ ව්‍යාකූලත්වය ඇතිවුනේ. අපේ කිසිම ආණ්ඩුවක් පළාත් සභා ගැන කිසිම අධ්‍යයනයක් කර නෑ. මගේ අදහසත් මේ පළාත් සභා ගැන අධ්‍යයනයක් අවශ්‍යයි කියලා. මොකද මේවාට අති විශාල මුදලක් වැය වෙනවා. රටේ මේ වෙලාවේ මෙතරම් ප්‍රශ්න තිබෙන වෙලාවේ රනිල් ජනාධිපතිතුමා මේ දෙකොන පත්තුවෙන විලක්කුවක් අතට ගත්තේ ඇයි කියලා මම නම් දන්නේ නෑ. මම නම් යෝජනා කරන්නේ දිස්ත්‍රික් සංවර්ධන සභා ඇති කරන්න කියලායි. යම් දිස්ත්‍රික්කයක් සංවර්ධනය කරන්න මුදල් දෙනවා හැරෙන්න මම නම් හිතන්නේ නෑ වෙන දේවල් දෙන්න ඕනා කියලා “

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාව ඉදිරියේ පළමු පරාජය ලබයි – පොදු වැරදි ප්‍රධාන හේතුවයි

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු යොවුන්...

අලි ප්‍රශ්නය විසදන්න අලි වැටත් එක්කම අලි කොරිඩෝවක්!

කොළඹ LNW:අලි ගම්වැදීම වැලැක්වීම වෙනුවෙන් මාදුරු ඔය වන උද්‍යානයේ...