රට පුරා විරෝධතා පවත්වනවා – වසන්ත මුදලිගේ

Date:

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසන්නේ සමස්ත විශ්වවිද්‍යාල සිසුන් දැඩි අපහසුතාවයට පත් කරමින් ආණ්ඩුව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම වළපල්ලට ඇද දමා ඇති බවත් මේ නිසා ඉදිරියේ දී සමස්ත විශ්වවිද්‍යාල සිසුන් ඒකරාශී කරගෙන සිසුන්ගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා දැවැන්ත විරෝධතා ව්‍යාපාර රට පුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත්ය.

ඔහු පවසන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු ගැන ආණ්ඩුවට හා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන්නත් ඔවුන් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොමැති බවයි.

මෙහි දී තවදුරටත් කතා කළ වසන්ත මුදලිගේ,

“විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර මාස ගාණකින් ගෙවලා නැහැ. මේ මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකරන්න කියලා වසර ගාණක ඉඳලයි කියන්නේ. නමුත් අවධානය නැහැ. විශ්වවිද්‍යාල සිසුන් රැසකට ම නේවාසික පහසුකම් නැහැ. අද කෑම මිල වැඩියි. බෝඩිං ගාස්තු වැඩියි. ඒ නිසා විශ්වවිද්‍යාල සිසුන්ට පහසුකම් සලසන්න රජය මැදිහත් වෙලා නැහැ.

අද විශ්වවිද්‍යාල සිසුන්ට ක්‍රීඩා පහසුකම් නැහැ. දේශන ශාලා පහසුකම් නැහැ. අධ්‍යාපන උපකරණ පහසුකම් නැහැ. ආණ්ඩුව විශ්වවිද්‍යාල පද්ධතිය ම වළපල්ලට යවලයි තියෙන්නේ. මේ නිසා අපි ඉදිරියේ දී දැවැන්ත විරෝධතා ක්‍රියාත්මක කරනවා. මේ ගැටලුවලට විසඳුම් ඉල්ලලා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...