*
Friday, May 17, 2024
spot_img

Latest Posts

චමරිගේ පිත්තේ හයිය ඉනෝකා ඇතුළු දඟ පන්දු බල ඇණිය රැක දෙයි

නිශ්මං රණසිංහ

කොළඹ (LNW): නායිකා චමරි අතපත්තු විසින් දකුණු අප්‍රිකාවේ පැවත්වෙන කාන්තා විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් කුසලාන තරගයේ දී,පන්දු 50 න් රැස් කළ ලකුණු 68 හේතුවෙන් ශ්‍රී ලංකා ලකුණු පූවරුව 129 දක්වා ගෙන යාමට හැකි විය.එම ලකුණු ප්‍රමාණය රැක ගැනීම සඳහා ප්‍රබල දකුණු අප්‍රිකානු පිතිකරු බල ඇණිය පාලනය කරමින් ඉනෝකා රණවීර (18/3) ඇතුළු ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නියන් කරන ලද මෙහෙය නිසා ශ්‍රී ලංකාවට ලකුණු තුනක ජයක් හිමි විය.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගයකදී දෙපිළ හමු වූ තෙවන අවස්ථාව ලෙස මේ තරගය ඉතිහාසයට එකතු වන අතර ශ්‍රී ලංකාව ජය ලැබූ ප්‍රථම අවස්ථාව මෙය විය.ජයග්‍රහණය අතිශයින් තියුණු එකක් විය.ඒ තියුණු බව සියුම් ලකුණු 3 ක් ජයක් හැටියට සඳහන් කිරීමට වඩා වටින්නේ අති විශිෂ්ඨ ජයක් හැටියට අරුත් ගැන්වීමය.ඒ ශ්‍රී ලංකාව පරාජය කරනු ලබන්නේ සත්කාරක දකුණු අප්‍රිකාවය. වර්ථමානයේ කාන්තා ක්‍රිකට් ලෝකය ගත් විට පවතින තත්ත්වයන්ට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වඩා බොහෝ ඉහළින් නම කියැවෙන කණ්ඩායමක්ය.

තන් සංවිධානය කරන ලෝක කුසලාන තරගාවලියක ආරම්භක තරගයේදී සත්කාරක කණ්ඩායම යනු එකොළහකට වඩා නියෝජනයක්ය.පිටියට පිවිස සිටින සියළුම් ස්වදේශිකයන් ජයග්‍රහණය ගෙදර අරගෙන යාමේ උවමනාවෙන් යුක්ත වූවන් ය. එවැනි වට පිටාවක පන්දු ඕවර් 20 දී ලකුණු 130 ක ඉලක්කයක දකුණු අප්‍රිකාව අවසන් පන්දු ඕවර් දෙකට පැමිණ තිබෙන්නේ කඩුලු හතරක් අතැතිව ලකුණු 20 ක සපුරා ගන්නටය. මීට වසර දෙකකට පමණ පෙර දකුණු අප්‍රිකාව මෙවැනිම අවස්ථාවකට මුහුණ දුන්කේ ලකුණු 105 ක් ලබා ගත් ශ්‍රී ලංකාව පරාජය කිරීමට යාමේදී කඩුලු 8 ක් බිඳ දමා ගනිමින්ය.එදා ඒ විස්කමට මූලික උරදුන්නෝ ශෂිකලා සිරිවර්ධන සහ ඉනෝකා රණවීරය. අදත් ඉනෝකා සිටිය ද දකුණු අප්‍රිකාවට ඇති හයිය ඒ දුෂ්කර තත්ත්වය මැඩ දකුණු අප්‍රිකාවට ජය ගෙනා නායිකා සුනී ලෝස් කඩුල්ලේ සිටිමය.

පන්දු ඕවර් දෙකයි ලකුණු 20 යි වූ මොහොතේදි චමරි අවසාන පන්දු ඕවරයට ඉනෝකා රඳවා ගන්නේ නැත.ඇය තුළ තුළ සුනි ගේ කරදරය ඉනෝකා හමාර කර දෙන බවට තද විශ්වාසයක් තිබිණ.ඉනෝකා එය ඉටු කළාය.අනුෂ්කා සංජීවනීගේ ද සහය ඇතිව සුනීව මුලා කර ශ්‍රී ලංකාව සතු ජාත්‍යන්තර අවධානය වැඩියෙන්ම දිනා සිටින වමත් දඟ පන්දු යවන්නිය සුනීව ස්ටම්ප් කිරිමකට මැදි කර ගත්තාය.ලකුණු දුලබ පන්දු ඉදිරියේ ලකුණු සොයන්නට ගිය ලකුණු අතරට එමින් සිටි,දකුණු අප්‍රිකානු කඩුලු රකින්නිය ෂිනාලෝ ජැෆ්ටා එම පීඩනය හමුවේ දුවද්දි දැවී ගියේ ද අවසාන පන්දු ඕවරය යවන්නට සිටි සුගන්ධිකාගෙ කාර්ය පහසු කරමින්ය.

දකුණු අප්‍රිකා ඉණිම නිසැක පරාජය වෙත හරවා යැවූ ලාංකේය දඟ කැවීම – ඉනෝකා රණවිර

කඩුලු 8 ට ලකුණු 117 ක් වූ දකුණ අප්‍රිකානු ඉණිමට අවසාන පන්දු ඕවරයේ ජයග්‍රහණය සඳහා ලකුනු 13 ක් ලබා ගැනීමේ මං අහුරමින් පන්දු යැවූ සුගන්ධිකා ද ලකුනු නවයකට සිය පන්දු ඕවරය නිමා කරමින් තිබෙන පීඩනය හමුවේ ලකුණු ලබන්නට ගිය දකුණු අප්‍රිකාවේ ශබ්නිම් ඉස්මයිල් ද නැවත ක්‍රීඩාගාරයට හරවා යැව්වේ අනුශ්කා සංජීවනී සමඟ එක්ව දුවද්දි දැවී යාමකට ගොඳුරු කර ගනිමින්ය.

ජයග්‍රහණයට මඟ කියමින් අවසන් පන්දු ඕවර් දෙක ක්‍රියාත්මක වූ ආකාරයටම ශ්‍රී ලංකාවේ අවසාන පන්දු ඕවර් තුන ද අවධානයට ගත යුතුය.ඒ වන විට කඩුල්ලේ සිටියේ චමරි අතපත්තු සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායිකා 17 හැවිරිදි විශ්මි ගුණරත්නය.තරගය සපුරා පිතිකාරිණියන් දෙදෙනාගෙ ග්‍රහණයේ තිබූ අතර ලකුණු පූවරුව එක කඩුල්ලකට ලකුණු 114 ක් විය.මෑත කාලයේ තමන්ව දුවද්දි දවා ගැනීමට සමබන්ධ වැඩි අවස්ථාවන් ගණනක් දෙ විශ්මි ඒ ආකාරයටම දුවද්දි දැවී ගියා ය.එය අවධානය යොමු කළ යුතු තත්ත්වයක්ය.විශ්මි අති විශිෂ්ඨ ඉණිමක් දියත් කරමින් ඒ වන විට පන්දු 34 දී ලකුණු 35 ක් ලබා සිටියා ය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් හි ජයග්‍රහණයේ සංඛේතය – චමරි අතපත්තු

ඊ ළඟ පන්දුවේදි චමරි ද විශ්මිගේ පිටුපසින් ක්‍රීඩාගාරයට පිය මැන්නාය. ශ්‍රී ලංකාවේ දක්ෂ පිතිකාරිණියන් යැයි කිව හැකි පිරිසට ඊ ළඟට පැමිණෙන ගැටළුව වූ වේගය,පීඩනය මැඩ ලකුණු අතරට ඒමේ දුශ්කර තත්ත්වය මතු වූවාය. තරගයේ ඉතිරි පන්දු 16 තුළ එකතු වූයේ තවත් එක් කඩුල්ලක් බිඳ වැටී ලකුණු 15 ක් පමණි. තරගයේ හමාර මොහොතට චමරිගේ අවශ්‍යයතාවය මෙහිදි පැහැදිළි කරන අතර ඇය මේ පන්දු 16 න් පන්දු 8 ක් මුහුණ දුන්නත් ලකුණු පූවරුවට තවත් ලකුණු 20 ක් පමණ එකතු වෙන්නට තිබිණ.ඒ නිසා අපි මුල සිටම මේ තරගාවලියේ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට චමරි අංක හත වැනි තැනකට කැදවිය යුතුය යන තැන පෙනී සිටින්නෙමු.ගෙවුණු අවසන් තරග 10 – 15 ගැන අවධානය යොමු කර ඒ සම්බන්ධයෙන් සැළසුමකට යනවා ද යන්න හෝ චමරි ගැහැව්වොත් දිනනවා නැත්නම් පරදිනවා වැනි තැනකට යනවාද යන්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පරිපාලකයන්ම තීරණය කළ යුතු වැඩක් ය.

ජයග්‍රහණයට බල පෑ කඩුල්ල පිටුපසින් රැඳී සුරක්ෂිත දෑත් – අනුෂ්කා සංජීවණී

එසේම අතිරේක පන්දු යැවීම සම්බන්ධයෙන් ඇති හැකියාව චමරි සහ නිලක්ෂි වැනි ක්‍රීඩිකාවන් ප්‍රයෝජනයට ගෙන තවත් පිතිකාරිණියක් කණ්ඩායමට කැඳවා ගැනීම ද වැදගත් ය.මේ තත්ත්වය අවශ්‍යයනම් ශ්‍රී ලංකාවට ඊළඟට හමුවන බංගලාදේශයට එරෙහිව අත්හදා බලන්නට ඉඩ ඇති අතර හරිම විදිහට චමරිව පාවිච්චි කිරීම මත ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලානයේ විශාල දෙයක් කිරීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් දරණ විහ්වාසයටත් වඩා විශ්වාසයකින් අපි පවසන්නෙමු.

ලකුණු විස්තරයට පිවිසෙන්න…

https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-2022-23-1338037/south-africa-women-vs-sri-lanka-women-1st-match-group-a-1338040/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan