BREAKING: තුර්කියේ, සිරියාවේ භූකම්පන හේතුවෙන් මිය ගිය පිරිස 25,000 පනී!

ඉසුරු පරාක්‍රම

ලෝකය (LNW): තුර්කියේ සහ සිරියාවේ හටගත් දරුණු භූකම්පන හේතුවෙන් මිය ගිය පිරිස 25,000 ඉක්මවා ඇති බව ස්කයි නිව්ස් පුවත් සේවය වාර්තා කරයි.

මෙසේ මිය ගිය ප්‍රමාණය භූකම්පන හේතුවෙන් මිය ගිය බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කළ පුද්ගලයන් සංඛ්‍යාව පවා අභිබවා ගොස් තිබීම විශේෂත්වයකි.

ඒ අනුව, තුර්කියේ මිය ගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 21,848 ලෙසත්, සිරියාවේ මිය ගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 3,553 දක්වා ඉහළ ගොස් ඇති අතර, මිය ගිය මුළු සංඛ්‍යාව 25,401 ලෙස ස්කයි නිව්ස් වාර්තා කරයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ආධාර ලබාදීමේ ඒකකයේ ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් පවසා සිටියේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව දෙගුණ විය හැකි බවයි.

ඡායාරූප: GETTY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...