සමඟියේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සජිත්ගෙන් කොන්දේසියක්! (VIDEO)

සමඟි ජන බලවේගයේ පළාත් පාලන ආයතන සභාපතිවරු,ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් කිරීම තහනම් බවත් එම මන්ත්‍රීවරුන් සිදුකළ යුත්තේ රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොව බිම් මට්ටමේ සිටින ජනතාවට ස්වේච්ජා සේවයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

74 වසරක් පුරා ආ ගමන් මඟ තුළ රාජ්‍ය බලයක් නොමැතිව රටට සේවය කළ පක්ෂය සමඟි ජන බලවේගය බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

මේ වන විට රටේ අධ්‍යාපන ඇමතිට, සෞඛ්‍ය ඇමතිට වැඩක් කිරීමේ හැකියාවක් නොමැති බවත් ඔවුන්ට ප්‍රතිපදන නොමැති බවත් අඩුපාඩු පිළිබඳ ජනතාවගෙන් ඉල්ලීම් ලැබෙන්නේ විපක්ෂ නායකට බවත් හෙතෙම කියා සිටියි.

රට ගොඩ ගත හැකි,රට සුඛිත මුදිත කළ හැකි එකම කණ්ඩායම සමඟි ජන බලවේගය බවද ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ඔහු මෙම අදහස් පළකළේ මහරගම ආසනයේ පළාත පාලන අපේක්ෂක අපේක්ෂිකාවන් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...