*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

කොවිඩ් රෝගීන් සහ මරණ යළි ඉහළ නඟින අතරේ රජය කොවිඩ් අභියෝගය ජයගත් බවක් අගමැති කියයි

පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ මෙරට කොව්ඩ් ආසදිතයින්ගේ සංඛ්‍යාව 35% කින් පමණ ඉහළ ගොස් ඇති බවත් කොරෝනා මරණ සංඛ්‍යාව ද15% කින් ඉහළ ගොස් ඇති බවත් කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරයි.

මෙවැනි තත්ත්වයක් යටතේ කොව්ඩ් මර්දන බූස්ටර් මාත්‍රාව ලබාගැනීම කඩිනමින් සිදු කළ යුතු බව ද ඔහු පැවසී ය.වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් ලක්ෂ 11 කට අධික පිරිසක් එන්නත්කරණය සඳහා ජංගම එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි.

මේ අතර පෙරේදා(08) දිනයේ තහවුරු කරන ලද තවත් කොව්ඩ් මරණ 36 ක් ඊයේ වාර්තා කර වීමත් සමග මෙරට සමස්ත කොව්ඩ් මරණ සංඛ්‍යාව 15,692 ක් දක්වා ඉහළ ගියේ ය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් එම මරණ තහවුරු කර ඇති බවයි.

තවත් කොව්ඩ් කොරෝනා ආසාදිතයින් 1263 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 623,248 ක් දක්වා ඉහළ ගොස් තිබේ.මේ අතර කොවිඩ් අභියෝගය ජය ගැනීමට රජයට හැකිවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එම අභියෝගයෙන් ජනතාව බේරාගැනීමේ ක්‍රියාන්විතය ත්‍රිවිධ හමුදාවට පැවරීමේදී විවිධ විවේචන එල්ල වූවද අද එහි ප්‍රතිඵල සමස්ත රටම භුක්ති විදින බව අග්‍රාමාත්‍යවරයා කියා සිටී.

රජයේ දේශපාලන හා සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ(09)පැවැති පළමු රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ අතර කොවිඩ් කාර්ය සාධක බලකා ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනුයේ ඉදිරියේ යළි කොවිඩ් රැල්ලක් ඉස්මතු වීමේ අවදානමක් පැවතිය ද රට වසා දැමීමේ කිසිදු සූදානමක් නොමැති බව ය.

විනිවිද

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan