ආණ්ඩුව දේශපාලනය කළ යුතුය

Date:

ගෙවී ගිය වසර දෙක පුරා ආණ්ඩුව කොවිඩ් සටන සමඟ ඔට්ටු විය. ප්‍රධාන විපක්ෂය රට වටා යමින් ගොවි ජනතාව කුලප්පු කළේය. ජනතා විමුක්ති පෙරමුණ ද රට වටා යමින් ආණ්ඩුව හා ආණ්ඩුවේ නායකයන් දිගට-හරහට විවේචනය කළේය. එහෙත් ඒවා දේශපාලන වශයෙන් රටට කොතරම් අර්ථදායී සේවයක් ඉටු කර තිබේද යන්න ගැටලුවකි. විපක්ෂ නායකතුමාට ගොවි සමාජ සංවිධාන කිරීමට හැකියාවක් ලැබී නැත.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට ගම්පහදී බිත්තර ප්‍රහාරයක් එල්ල විය. මේවා සුළුකොට තැකිය හැකි දේවල් නොවේ. සෑම බලවේගයකටම වඩා ජනතා බලවේගය බලවත්ය. ජනතා බලවේග ගොඩනැඟෙන්නේ රටේ පවතින ඇත්ත ගැටලු සමඟය.

අනුරාධපුර මහ රැලියේදී ජනාධිපතිවරයා කියා සිටියේ ඉදිරි වසර තුන තුළ ජනතා පොරොන්දු සියල්ල ඉටු කරන බවය. ප්‍රතිපත්තිමය වශයෙන් ගත හොත් සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩසටහන සම්පූර්ණ කිරීමට ආණ්ඩුව බැඳී සිටී. හැටනව ලක්ෂයක් ජනතාව ඡන්දය භාවිත කර ඇත්තේ එම වැඩසටහන සඳහාය. රට ගොඩනඟන මූලික සැලැස්ම එහි තිබේ. ජනාධිපතිවරයා විශේෂයෙන් ගොවි ජනතාව ගැන ද සඳහන් කළේය. ගොවි ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද ගෝඨාභය මහතා සඳහන් කළේය. එය රජරට පමණක් නොව, රටේ සෙසු ප්‍රදේශවල ගොවියන්ගේ ද විශ්වාසය තහවුරු කරන කතාවකි.

රාජපක්ෂවරුන්ට ගොවියා ගැන කැක්කුමක් ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. ජනාධිපතිවරයාගේ පියා ඡන්දයට ගියේ කුඹුරේ සිට නාමයෝජනා අස්සන් කරමින්ය. රාජපක්ෂවරු හොඳ ගොවියෝ වෙති. ගොවිකම ඔවුන්ගේ ඇඟේ ඇතැයි කිව හොත් එය පිළිගැනීමට සිදු වේ. ගොවියන් වස පානය කොට දිවි නසාගත් කාලය නිමාවට පත් කළේ මහින්ද රාජපක්ෂ මහතාය. ගොවියන්ගේ ජල ගැටලු විසඳීමට, වී අලෙවි කර ගැනීමට, පොහොර නොමිලේ දීමට පියවර ගත්තේ ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවය. ඉතිහාසය මතක ඇති කිසිවකුට ඒවා බැහැර කළ නොහැකිය. කාබනික වගාව හඳුන්වා දීම එහි තවත් ඉදිරි පියවරක් මිස රටේ කෘෂිකර්මය වළපල්ලට යවන එකක් නොවේ. මේවා වටහා ගැනීමට ගොවියාට වුව කාලයක් අවශ්‍ය වේ.

ආණ්ඩුවත් දේශපාලනය කළ යුතුය. එසේ නොවුණහොත් රටට වැදගත් සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි ද මහජන විරෝධතා මතුවන්නට පුළුවන. මහජනයා සියලු දේම දන්නා අය නොවේ. ඔවුන් දැනුම්වත් කොට සංවර්ධන යුද්ධය සඳහා සන්නද්ධ කළ යුතුය. ඊට හොඳ අවස්ථාවක් අලුත් වැඩසටහනින් ලැබේ.

ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...