රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW :

හෙට (17) දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇත්තේ, 2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් බව සඳහන් වේ.මේ සම්බන්ධව රජයේ පාර්ශ්වයන් දැනුවත් කළ බවත් මීට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට සිය සංගමය පියවර ගත් බව, එම සංගමය පැවසුවේය . 

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ, හෙට සිට උදෑසන 8 සිට දිවයින පුරා පිහිටි රෝහල්වල මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව වෙනුවෙන් හදවත උණු වූ බ්‍රිතාන්‍ය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : සිදු වූ ආපදාවෙන්...

ආපදාවෙන් බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ ගමනාගමනයට විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

කබීර් රටම ගිනි තිබ්බාද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා සම්බන්ධයෙන්...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්! 

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා සහන ලබාදීමට...