සමීක්ෂණය පිළිගන්න බෑ. ඒකක 90 ට අඩුවෙන් පාවිච්චි කරන අයට වැඩි සහන ලැබෙනවා – කංචන

Date:

දකුණු ආසියාවේ විදුලි ගාස්තු වැඩිම රට ශ්‍රී ලංකාව බව පවසමින් වෙරිටේ රිසර්ච් ආයතනය ඉදිරිපත් කර ඇති සමීක්ෂණ වාර්තාව තමන් ප්‍රතික්ෂේප කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“අපි පිළිගන්නවා අපේ රටේ විදුලි බිල වැඩියි කියන එක. නමුත් ඒ වාර්තාවට පාදක කරගෙන තිබුණේ තොරතුරු ජනතාව ඉතාමත්ම නොමග යවනසුළු ආකාරයට. ඒ සමීක්ෂණය කරපු ආයතනය තෝරාගත්තෙ ඒකක 100 ට වැඩිය , ඒකක 300 ට වැඩිය, ඒකක 500 ට වැඩිය භාවිතා කරන පුද්ගලයෝ විතරයි කියලා. අහන්න කැමතියි ඒ පරීක්ෂණය කරපු ආයතනයෙනුත් අපේ රටේ ඒකක 100 ට වැඩිය පරිභෝජනය කරන පාරිභෝගිකයින් කීයද ඉන්නෙ ? ඒකක 90 ට වැඩිය අපේ රටේ ගෘහස්ථ කාණ්ඩයේ භාවිතා කරන පිරිස ලක්ෂ පහකට අඩුයි. අපේ ලක්ෂ 55ක් ඉන්නෙ ඒකක 90ට අඩුවෙන් භාවිතා කරන පිරිස. එතකොට මේ පරීක්ෂණ කරන්නෙ එක පැත්තකින් මේ මැතිවරණයක් තියන අවස්ථාවක යම්කිසි කණ්ඩායමක අවශ්‍යතාවයටද කියන එකත් සැක සහිතයි. අපේ රටේ අඩුවෙන් භාවිතා කරන පිරිසට වැඩි සහනයක් ලබාදෙනවා. 90න් උඩට පාවිච්චි කරන පිරිසට තමයි වැඩි බරක් යොදලා තියෙන්නෙ මේක ඇතුළෙ. අවුරුදු 9ක් තිස්සේ දකුණු ආසියාවේ විතරක් නෙවෙයි ලෝකයේම කොහෙවත් තිබුණෙ නෑ විදුලි බිල එක අවුරුද්දක්වත් වෙනස් නොවෙච්ච. පාර්ලිමේන්තුවේ අපි දැක්කා විපක්ෂ නායකතුමා මෙන්න මේක වැඩියි, මේක අඩුකරන්න කියනවා. අපි විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කළා දෙසැම්බර් මාසෙ මේ විදුලි බිල අඩුකිරීම සඳහා යෝජනා දෙන්න කියලා. මම කණගාටුවෙන් කියනවා අද වෙනකල් එහෙම යෝජනාවක් විපක්ෂයේ එක මන්ත්‍රීවරයෙක් දීලා නෑ”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...