බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් ජංගම දුරකතන ඇතුලු උපාංග සොයා ගැනේ!

0
204

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 11 කොළඹ (LNW):විශේෂ කාර්ය බලකායට ලැබුනු තොරතුරකට අනුව කළ සෝදිසි මෙහෙයුමකදී, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ ඒ සහ ඩී වාට්ටුවල පොළව යට සූක්ෂම ලෙස සඟවා තිබු ජංගම දුරකතන ඇතුලු උපාංග කිහිපයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සොයා ගෙන ඇති බව පැවසේ.

එහිදි එම වාට්ටුවල ඇතුලත පොළව හරා සූක්ෂම ලෙස සඟවා තිබු ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයක් , කුඩා ප්‍රමාණයේ ජංගම දුරකතන දෙකක් , සිම්පත් 4ක් ,මෙමරි චිප් එකක් , චාජර් දෙකක් ඇතුලු තවත් උපකරණ රැසක් සොයා ගෙනඇති අතර , මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකෙරෙන බව පැවසේ.