ඉන්දීය රූපවාහිනී නාලිකාවකට ජනපති දුන් පිළිතුරු!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 11 කොළඹ (LNW): ඉන්දීය රූපවාහිනි නාලිකාවක් වන වියෝන් නාලිකාව සමඟ විශේෂ සමුම්ක සාකච්ඡාවට සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිඳු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකාව ඉඩ නොතබන බවයි.

ජනපති –

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බැදිම් ශක්තිමත් වෙමින් පවතිනවා.

දෙරට අතර ආර්ථික බැදීම් වර්ධනය වන ආකාරය දකින්න පුළුවන්.

පසුගිය කාලයේ දී ඉන්දියාවේ සහයෝගය නොමැති නම් අපට මෙම තත්ත්වයට පැමිණෙන්න හැකියාවක් නැහැ.

ඒ නිසා ඉන්දියාව සමඟ වෙළද හා ආර්ථික බැදීම් වැඩිකරන්න කටයුතු කරනවා.

ප්‍රශ්නය –

කලාපීය ආරක්ෂාව පිළිබද කතා කිරිමේ දී චීන නෞකා ශ්‍රී ලංකාවට පැමිණිම පිළිබද ඉන්දියාවේ වැඩි අවධානය යොමුවෙලා තියෙනවා.

චීන නෞකාවන්ට දිවයිනට පැමිණීම සඳහා අවසර ලබානොදීමට තීරණයක් ගෙන තිබෙනවාද ?

ජනපති –

අපි හැම විටම ඉන්දියාවට කියන්නේ කිසිම විටෙක ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් සිදුවන කිසිදු දෙයක් සිදුවීමට ඉඩ ලබා නොදන බවයි.

චීන නෞකා ලංකාවට පැමිණෙන්නේ සාගර පරීක්ෂණ කටයුතු සඳහා.

ඒවාට ඇතුල් වීමට අපි ඉඩ ලබා දී තිබෙනවා.

අනෙක් රටවලටත් අපි එලෙස අවසර ලබාදී තිබෙනවා.

ප්‍රශ්නය –

ඔබ චීන නෞකාවලට ලංකාවට පැමිණීමට අවසර ලබා දෙනවාද?

ජනපති –

ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙනවනම් අපි අවසර ලබාදෙනවා.

චීනය , ඉන්දියාව , ජපානය හා ඇමෙරිකාව වගේ ඕනෑම රටක නෞකා ලංකාවට පැමිණෙනවා.

අපි ඔවුන්ට අවසර ලබාදෙනවා.

චීන නෞකා අතීතයේ සිටම ශ්‍රී ලංකාවට පැමිණියා.

ඔවුන් කිසිදා ලංකාව හා ඉන්දියාව අතර පවත්නා සම්බන්ධය පලුළු කරන්න උත්සහ කරලා නැහැ.

ප්‍රශ්නය –

ගොඩබිම ඔස්සේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ කරන්න අවධානය යොමුවෙලා තිබෙනවා.

ඒ සදහා ඔබ ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

ජනපති

කරුණු දෙකක් ඔස්සේ අපි ඉන්දියාව සමඟ සම්බන්ධ වෙනවා.

පළමුවැන්න බලශක්තිය.

ඒ වෙනුවෙන් ඉන්දීය සමාගම් මේ වන කොටත් අවශ්‍ය කටයුතු ආරම්භ කරලයි තියෙන්නේ.

දෙවන කරුණ තමයි ගොඩබිමෙන් දෙරට සම්බන්ධ කිරීම.

ඊට අදාළව ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරීම අත්‍යවශ්‍යයි.

ඒ සඳහා දෙරටේම මැදිහත්වීමෙන් අවශ්‍ය කරුණු සිදුකෙරෙනවා.

පරිසර අධ්‍යයනයකුත් ඊට ඇතුලත්.

ප්‍රශ්නය –

ආර්ථික සබදතා යටතේ ශ්‍රී ලංකාව තුළ ඉන්දීය රුපියල භාවිතයට ගැනීම සම්බන්ධයෙන් කතා බහට ලක්වෙනවා.

අනාගතයේ දී ඉන්දීය රුපියල ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුල දකින්න පුලුවන් වෙයිද?

ජනපති –

ඉන්දීය රුපියල ශ්‍රී ලංකා තුළ භාවිතා කිරීම දකින්න අපිට අවශ්‍යයි.

ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ.

මේ වන තෙක් ගණුදෙනු කටයුතු ආරම්භ කර නොතිබුණත් ඉදිරියේ දී එම කටයුතු සිදුකෙරේ.

ඉන්දියා ආයෝජකයින් ශ්‍රී ලංකාව තුළ වැඩි ආයෝජන ප්‍රමාණයක් සිදුකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.       

ලෙස ජනාධිපතිවරයා පිළිතුරු ලබා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...