රනිල්ගේ තරම ඉදිරි වසර පහේදී බලාගන්න පුළුවන් – රුවන්

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයට හොඳ සැලැස්මක් තිබෙන අතර ඉදිරි වසර පහ තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේ රටට ජනතාවට ලැබෙන සහන දැකගත හැකිවනු ඇති බව එජාපයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

වික්‍රමසිංහ මහතාට පුළුල් දැක්මක් සහ හැකියාවක් තිබෙන අතර ඉදිරි ජනාධිපතිවරණයේදී නැවත ඔහුව ජනාධිපති පුටුවේ තැබීමට අපි එක්ව කටයුතු කළ යුතු බවයි විජයවර්ධන මහතා සඳහන් කරන්නේ.

“මෙම වසර මැතිවරණ වසරක් වශයෙන් හැදින්විය හැකියි. ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණයටත් ඉන් පසුව පාර්ලිමේන්තු මැතිවරණයට සහ පළාත් සභා මැතිවරණයටත් මුහුණ දීමට සිදු විය හැකි බැවින් අපි ඊට සූදානම් වීමට අවශ්‍යයි. මේක තීරණාත්මක වසරක් ලෙස අපි සලකන්නේ මේ රටේ අනාගතය තීරණය කිරීමක් ලෙසයි. අපි කවුරුත් දන්නව වසර දෙකකට පෙර රට තිබුනේ කොතැනද ? ඔබ අපි සියලු දෙනාම හිටියෙ පෝලිම්වල. පෝලිම්වල සිටියදී ඇතැමුන් මිය ගියා. භාණ්ඩාගාරයේ මුදල් තිබුනේ නැහැ. බංකොලොත් භාවයට පත්ව තිබූ මේ රට භාරගැනීමට නායකයෙකු සොයමින් සිටි අවස්ථාවේ, අද විපක්ෂයේ සිට කෑගහන අය එදා පැනල ගියා. අපේ නායකයා විතරයි ඉදිරිපත් උනේ රට බාර ගෙන ගොඩ ගැනීමට. නායකවරයාගේ ගේ පුලුස්සා දමමින් එතුමා බය කිරීමට අදහස් කළා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් , ජනතාව ගැන සිතා ඔහුට විරුද්ධකම් කළ ආණ්ඩු පක්ෂයේ අය සමග එක්ව ඒ වගකීම බාර ගත්ත. එලෙස වගකීම බාර ගත් නිසා තමයි අද අපට බංකොලොත් භාවයෙන් මිදී ජනතාවට යම් සහනයක් ලැබී තිබෙන්නෙ.

රනිල් වික්‍රමසිංහ කියන්නේ එඩිතර නායකයෙක්. තීන්දු තීරණ ගන්න බිය නැහැ. ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න බිය වන්නේ නැහැ. මෙවැනි නායකයෙකු තමයි අපිට අවශ්‍ය. අද රට යම් ස්ථාවර භාවයකට එනවිට, දැන් විපක්ෂයේ අය කෑගහනව අපි හරියට කරල පෙන්වන්නම් කියල. එදා අභියෝගවලට මුහුණ නොදී පැනගිය අය තමයි අද මෙහෙම කෑ ගහන්නෙ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...

බංගලාදේශයෙන් ආ ආධාර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද දින(03) පස්වරුවේ...

දවස් දෙකයි – බදුල්ලේ විනාශ වූ මාර්ග 165න් 111ක් අලුත්වැඩියා කර අවසන්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන්...