විදුලි අර්බුදයේ ජ.වි.පෙ. කොටස ….

Date:

1977න් පසු ජේ. ආර්. ජයවර්ධන රජය විසින් වික්ටෝරියා,රන්දෙණිගල,කොත්මලේ, මාදුරුඔය,රංටැඹේ යන පංචමහා ජලාශ ඉදිකරමින් ඒ හරහා බිහිකල විදුලිබලාගාර මගින් විශාල විදුලි ජනනයක් එතෙක් පැවති විදුලිබල පද්දතියට එක්කලේය..

මේ ජලාශ ඉදිවූ ආසන්න අවදියේ සිට මම ජ.වි.පෙ. දේශපාලනයේ නියුතුව සිටියෙමි.. ඒ යුගයේ ජ.වි.පෙ. පන්ති පහ තුළ මේ ව්‍යාපෘතිය ගැනද කතාකලේය.. එහිදී කතාකල දේට අනුව මේ ව්‍යාපෘතිය යනු රට විනාශකරන ව්‍යාපෘතියක් විය,එසේම ඔවුන්ට අනුව එය අන්ත අසාර්ථක රට ණය උගුලක සිරකරන අධිරාජ්‍යවාදී වැඩසටහනකි..

එහිදී උක්ත ව්‍යාපෘතියට එරෙහිව ජනයා පෙලගැස්වීම සඳහා කලහැකි සියල්ල ඔවුන් එදා කලේය… එහිදී ඔවුන්ගේ එදා වෑයම සාර්ථක වී මේ ව්‍යපෘතිය අතර මැද නැවතුනි නම් අද අපට මේ තියෙන විදුලියද නැත..

එසේම 88-89 අරගලය තුලදීද ට්‍රාන්ස්පෝමර පුපුරවා දැමීම්, විදුලිබලාගාර ගිනිතැබීම්,ගෘහස්ථ විදුලි මීටර් කඩාදැමීම්, තිතුන්දාහේ අධි ධාරිතාවය ඇති විදුලි රැහැන් ඇද තිබූ උසැති ලෝහ කුළුණු පෙරලීම් වැනිදේ හරහා ඔවුන් විදුලිබල පද්දතියට දිගුකල් පවත්නා හානි සිදුකලෝය.. එහි අරමුණ වූයේද රාජ්‍ය බංකොලොත් කර බලය අල්ලාගැනීමයි..

ලංකාවේ පවතින දුර්වල ආර්ථික පසුබිම හේතුවෙන් ජලවිදුලිය ලඟට ලංකාවට ගැලපෙන ඊළඟ විදුලි උත්පාදන ක්‍රමය ගල් අඟුරු බලාගාර ක්‍රමයයි.. පසුකලෙක නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරය ඉදිකිරීමේ අරමුණ වූයේද සමස්ත පද්දතියට අඩු විදුලි ධාරිතාවය ඒ තුලින් නිපදවාගැනීමයි.. එවැනිම තවත් බලාගාරයක් සාම්පූර් හි ඉදිකිරීමට ගිය අවස්ථාවේදී ඒ ව්‍යාපෘතිය කඩාප්පල් කරදැමීමටද ජ.වි.පෙ. නොකල මළදානයක් නැත…

එසේම උමා ඔය ව්‍යාපෘතියේ එක් අරමුණක් නම් ජලවිදුලිය නිශ්පාදන කර රටේ විදුලි ජනනය ඉහල නංවා ගැනීමයි.. එය කඩාකප්පල් කිරීමටද ජ.වි.පෙ. නොකල දෙයක් නැත..

ඊළඟට ඔවුන්ගේ වෘත්තීය සමිති හරහා සිදුකල මණ්ඩලයට දරන්න බැරි වැටුප් වැඩිකර ගැනීම් නිසා මණ්ඩලය ඇතුලතින්ම අරාජිකකර දුර්වල කරදැමීය..

ඇත්තෙන්ම ඔවුන් අද මුහුණ දෙමින් සිටින්නේ ඔවුන් විසින්ම කල විනාශයන්ගේ ප්‍රතිපලයන්ට යැයි යමෙක් කීවොත් එහි ඇති වරදක් නැත..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...