සල්ලි දෙන්න හදනකොට මම එපා කියලත් කිව්වා – ඇවිලුන වන්දිය ගැන ප්‍රසන්න රණවීර කට අරී

Date:

කොළඹ LNW:ගෝල්ෆේස් අරගලය සමයේ සිදුවූ දේපළ හානිවලට පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරු විසින් ලබා ගෙන තිබුණු වන්දි මුදල් පිළිබඳ අනාවරණය වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් වන සමාජ විරෝධය දැඩි වෙමින් පවතින මොහොතක ඊයේ (11) ශ්‍රී ලංකා පොදුඅජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී වන්දි ලබා ගත හිටපු මැති ඇමතිවරු කිහිප දෙනෙක් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියහ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් වූ කැළණිය සංවිධායක ප්‍රසන්න රණවීර පැවසුවේ තමන් ඒ කාලයේදී පැවසුවේ මුදල් අවශ්‍ය නැති බවත් නිවාස සාදා දෙන ලෙසත්ය.

තමන්ගේ නිවසට සිදුවූ අලාභ හානියට අදාළව මුදල් ලැබුණු අතර ඊට අමතරව තමන්ගේ නිවසේ තිබී මිලියන 100කට එහා වටිනා වාහන තුනකටද ගිනිබත් වූ බවයි රණවීර මහතා සඳහන් කළේ.

මැති ඇමතිවරු විසින් ලබාගෙන තිබෙන වන්දි මුදල් ප්‍රමාණය ඇති විශාල ප්‍රමාණයක් වන බවට චෝදනා එල්ල වුවද තක්සේරු දෙපාර්තමේන්තුව හරහා එය නිවැරදි කරගත යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...