ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරන බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉස්ලාමීය විප්ලවයේ 47 වන සංවත්සරය සනිටුහන් කරමින් ඊයේ(11)දිනයේදී ටෙහෙරානයේ පැවති උත්සවයකදී ඉරානයේ උත්තරීතර නායකයාගේ උපදේශකයෙකුවන අලි ෂම්කානි මේ බව ප්‍රකාශ කර තිබිණි.

ඉරානයේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සම්බන්ධයෙන් එක්සත් ජනපද සහ ඉරාන නිලධාරීන් අතර ඕමානයේ පැවැත්වෙන සාකච්ජා අතරතුර මෙම ප්‍රකාශය නිකුත්වී ඇති අතර ඉරාන බලධාරීන් මෙහිදී සඳහන් කරන්නේ, ඉරානය න්‍යෂ්ටික ගැටළු කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමට එකඟ වන අතර ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන සහ කලාපීය සන්ධාන පිළිබඳව සම්මුතියකට පැමිණීම ප්‍රතික්ෂේප කරන බවයි.

වොෂින්ටනය සහ ටෙහෙරානය තවත් සාකච්ඡා වටයක් ගැන සලකා බලමින් සිටියද, දිනයක් ප්‍රකාශයට පත් කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හසීනාගේ පාලනයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ජාතික ඡන්ද විමසීම අද

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...