නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW:
ඩුබායි හී පැවත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රොන්ප්‍රී තරගාවලියේ ටී 46-47 කාණඩය යටතේ පැවති මීටර් 100 ඉසව්ව් රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට ජනනි ධනංජනා වික්‍රමසිංහට හැකි වුණා.ඇය මේ ඉසව්වේදි ලෝක මට්ටමේ ක්‍රීඩිකාවන් සමඟ තරග වැඳ විනාඩි 12.88 ක කාලයක් වාර්තා කරන්නට සමත් වීම වැඩි අවධානයට සහ ගෞරවයට පාත්‍ර විය යුතු සුවිශාල අනාගත වටිනාකමක්.
මෙම තරගාවලියට ටී 47 කාණ්ඩයෙන් දුර පැනීමේ පිරිමි ඉසව්ව නියෝජනය කළ බුද්ධික හේෂාන් ප්‍රනාන්දු ද මීටර් 6.49 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගන්නට සමත් වුණා.
ඡායාරූපයේ දැක්වෙන්නේ ජනනි ධනංජනා සිය ඉසව්වේ ජයග්‍රහණය වෙනුවෙන් ජය සංඛේත ලබා ගත් අවස්ථාවයි.


