*
Friday, May 17, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/12

  1. ඖෂධ, ශල්‍යෙවෙද්‍ය උපකරණ සහ රසායනාගාරවල භාවිතාවන රසායනික ද්‍රව්‍යවල හිඟය විසඳීමට දැන්ම කටයුතු නොකළහොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ බරපතල අර්බුදයක් ඇතිවනු ඇති බව ශ්‍රී ලංකා නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරුන් හා බරපතල රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ (COAISL) විද්‍යාලයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා පවසයි – නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරුන් විසින් භාවිතා කරන බොහෝ අත්‍යාවශ්‍ය ඖෂධ අවසන් වී ඇති බව ද අනාවරණය කරයි.
  2. 2023 අවසානය වන විට උද්ධමනය සියයට 10 ට වඩා අවම වීමට “ඉඩකඩ තිබෙන” බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි – 2022 අගෝස්තුවන විට ආර්ථිකය “ස්ථාවර” වනු ඇති බවට 2022 මැයි මස ප්‍රකාශ කළේ ද මේ මහ බැංකු අධිපතිවරයාම ය – 2022 මැයි 12 වන දින සිට මහ බැංකු අධිපතිවරයා විසින් ඉහළ පොලී අනුපාත සහ ස්ථාවර කරන ලද විනිමය අනුපාත ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, 2022 අප්‍රේල් 12 වන දින “ස්වෛරී ණය පැහැර හැරීමේ” ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාවක් දැරුවේ ද ඔහුම ය – තමා ධුරයේ වැඩ භාර ගෙන සතියකට අඩු කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය පැහැර හැරීම ප්‍රකාශය පත්කිරීමට නන්දලාල් වීරසිංහ කටයුතු කළේය.
  3. සේවක ප්‍රේෂණ 2022 ජනවාරිවල තිබූ ඇ.ඩො. මිලියන 259 ට සාපේක්ෂව, 2023 ජනවාරිවන විට ඇ.ඩො. මිලියන 437 දක්වා සියයට 68.8 කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි.
  4. කල්පිටිය මුහුදු වෙරළට ගොඩ ගැසූ නියමු තල්මසුන් (Pilot Whales) 14 දෙනෙකු යළි ගැඹුරු මුහුදට මුදාහැරීම සඳහා නාවික මෙහෙයුම් දියත් වේ – කෙසේවෙතත්, තල්මසුන් 03 දෙනෙකු මියගිය බව ද නාවික හමුදාව පවසයි.
  5. ඉන්දියානු ප්‍රතිපාදනයක් මත ස්ථාපිත කළ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනතාවට පවරා දී තිබේ – මෙම උත්සවයට ඉන්දීය ධීවර රාජ්‍ය අමාත්‍ය ආචාර්ය එල්. මුරුගන් ද සහභාගී වී සිටියේය – මේ අතර, පා.ම. සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනෙකු අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් යාපනයේ අධි ආරක්ෂිත කලාපයකට ඇතුළු වී විරෝධතාවයක නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව තිබේ.
  6. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රශංසාවට ලක්වෙයි – ජනාධිපතිවරයා විසින් සත්‍යය ප්‍රකාශ කළ බවත්, සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ ආර්ථික තත්ත්වය නිවැරදිව විශ්ලේෂණය කළ බවත් පවසයි.
  7. ගල් අඟුරු මිලදී ගැනීම සඳහා වූ කැබිනට් අනුකමිටුවේ සාමාජිකයන් වූ විජේදාස රාජපක්ෂ සහ අලි සබ්රි යන අමාත්‍යවරු එම අනුකමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙති – ගල් අඟුරු මිලදී ගැනීම සඳහා යොදවා ඇති නිලධාරීන්, 2023 ජනවාරි සිට 2023 අප්‍රේල් අවසානය දක්වා කාලය තුළ පුත්තලමේ ලක්විජය විදුලි බලාගාරය සඳහා මිලදී ගත යුතුව තිබූ 10%± මෙට්‍රික් ටොන් 720,000 ක ගල් අඟුරු තොගයට අදාළව තොරතුරු විකෘති කළා පමණක් නොව, කොන්දේසියකට අදාළව ඉන්දුනීසියානු සැපයුම්කරුවකු වන M/s Global PT Arista Mitra Jaya සමඟ ඔවුන් ඇති කර ගත් එකඟතාවය බැහැර කිරීමට ද අසමත් වී තිබීම තම ඉල්ලා අස්වීමට හේතුව බව ඔවුහු පහදති.
  8. වර්තමානයේ ශ්‍රී ලංකාවේ මතුව ඇති තත්ත්වයට ආර්ථික කඩා වැටීම පමණක්ම නොව සදාචාරාත්මක බිඳවැටීම මූලාරම්භය වී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති – යුක්තිය පිළිබඳ හැඟීම ජනතාවගෙන් ගිලිහී ගොස් ඇති බවට පෙන්වා දෙන උන්වහන්සේ, රට උග්‍රවශයෙන් අනෙකා මත රඳා පවතින තත්ත්වයට පත්ව තිබෙන්නේ “විවෘත ආර්ථිකය” හඳුන්වා දීම නිසා බවට චෝදනා කරති.
  9. තුර්කියේ හටගත් දරුණු භූමිකම්පා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ලබා දීමට, රජය ලංකා තේ අපනයනකරුවන්ගේ සහාය ද ඇතිව “සිලෝන් ටී” තේ තොගයක් කොළඹ තුර්කි තානාපතිවරයාට ලබා දෙයි.
  10. දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දෙන සංග්‍රහ දීමනාව (entertainment allowance) කපා හැරීමට භාණ්ඩාගාරය තීරණය කරයි – මෙම දීමනාව යටතේ තේ, කෝපි සහ සරල ආහාර වෙනුවෙන් වැයවන වියදම් පියවීමට දිස්ත්‍රික් ලේකම්වරයකුට ලබා දෙන රු. 15,000 ක සහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයකුට ලබා දෙන රු. 10,000 ක මුදල අවභාවිතා කරන බවට ලැබුණු පැමිණිලි ගණනාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan