ජනාධිපති ජනතාවට අපාය පෙන්වා රාජපක්ෂලාව දෙව්ලොව ගෙනියනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

රට විනාශ කළේ රාජපක්ෂවරුන්ය යන්න ජනතාව පිළිගන්නා බවත් ජන ජීවිත ඔවුන් සහමුළින්ම විනාශ කළ බවත් හොඳට ජීවත් වුණ ජනතාවගේ දෛනික ආදායම කඩා වැටුණත් ඒ තත්ත්වය ඇති කළ රාජපක්ෂලා රැක ගැනීම සිදු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවත් එම අලි – කපුටු – පොහොට්ටු හවුල විසින් මිනිසුන්ගේ ජන ජීවිත විනාශ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විදුලි බිල, ඉන්ධන මිල, ගෑස් මිල වැඩි කිරීම, බදු වැඩි කිරීම ආදී හැමදේකින්ම ආණ්ඩුව විසින් ව්‍යාපාර කරන්න එපා, කරන ව්‍යාපාර නතර කරන්න, කර්මාන්ත ශාලා වසාදමන්න, රැකියා දෙන්න එපා යනුවෙන් පණිවිඩයක් ලබා දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩුව උත්සාහ කරන්නේ සෑම පුරවැසියකුගේම ජන ජීවිතය කුඩා කර කබලෙන් ලිපට ඇද දැමීමට බව යි.

රටේ ජනතාවගේ පසුම්බිය හිස් කරමින්, ජනතාවගේ හීන විනාශ කළ වරමක් නොමැති මේ ආණ්ඩුව රාජපක්ෂලාගේ දෙව්ලොව බවට පත්වී ඇති බවත් රාජපක්ෂලාගේ හොරකම් වහන රැකවලා බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ිවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා (8) බදුල්ලේ පැවැති ජනහමුවකට එක් වෙමිනි.

රට දැවැන්ත අර්බුධයකට මුහුණ දී ඇති අවස්ථාවක රට නැවත ගොඩගැනීම සඳහා සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණයත් සමඟ වැඩ ආරම්භ කිරීමට නියමිත බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ වැටුණු තැනින් ගොඩ ඒමට නම් දැවැන්ත ජාතික විප්ලවයක් ඇති කළ යුතු බවත් එය දේශපාලන විප්ලවයක් පමණක් නොව සංවර්ධන විප්ලවයක්, අලුතින් හිතන විප්ලවයක් බවත් ඒ සඳහා මෙරට පවතින යල්පැනගිය අධ්‍යාපන ක්‍රමය වෙනස් කර ජාත්‍යන්තර වෙළෙඳපොළට උචිත නවීන තාක්ෂණයෙන් හෙබි නවීන කුසලතා නිපුණතා නිර්මාණය කරන ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවට මුල්තැන ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ හැමදේම සිදු කිරීමේ දී මිනිසුන්ගේ කරපිට බර පැටවීම නොකළ යුතු බවත් මිනිසුන්ගේ අතට මුදල් ලැබෙන ක්‍රමයක් නිර්මාණය කර ආර්ථිකය වර්ධනය කළ යුතු බවත් අවසාන වශයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...