*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ජාතික ප්‍රශ්නය, උතුරේ ඉඩම් ගැන අනුර කුමාර කියූ දේ…

උතුරේ ජනතාවගේ ඉඩම් රජය විසින් නිසි පවරා ගැනීමේ ක්‍රමවේදයකට අනුරූප නොවන පරිදි පවරාගෙන ගෙන තිබේ නම් නිසැකව එම යළි ඉඩම් යළි එම ජනතාවට ලබා දිය යුතු අතර, දමිළ ජනතාවගේ ඉඩම් යළි ඔවුනට ලබා දීම පිළිබඳ කිසිඳු විවාදයක් නැති මුත්, මේ පිළිබඳ ප්‍රතිරෝධය තිබෙන්නේ වත්මන් ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවයන් අතර බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන සහ මහින්ද රාජපක්ෂ යන පාර්ශව විසින් මේ පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් ලබා දිය යුතුව ඇති බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (11) දින පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා අවධාරණය කර සිටියේ අප වන් රටවල ඉඩම් යනු හුදෙක් දේපලක් පමණක් නොව ඥාතීත්වයක් බවත්, ගම්වල උකස් කිරීම, බයිසකල්, මහන මැෂින්, වතුර පොම්ප විකුණන්නාක් මෙන් ඉඩම් විකුණන්නේ නැති බවත්, අවිධිමත් ලෙස පවරාගත් ඉඩම් යළි ඒවාහි හිමිකරුවන්ට ලබා දීම රජයක වගකීම බවත් ය.

“ජනාධිපතිවරයා එතුමාගේ කතාවෙ කිව්වේ නැති වුනත් 13 වන සංශෝධනය ගැන එතුමා එලියෙ කතා කළා. උතුරේ ජනතාවගේ ඉඩම් රජයේ යම් ආයතනයක් විසින් පවරාගෙන තිබෙනවා නම් නිසි පවරා ගැණීමේ ක්‍රමවේදයකට අනුරූප නොවන පරිදි, ඒ ජනතාවට යළි එම ඉඩම් ලබා දිය යුතුයි. එහි කිසිම විවාදයක් නෑ. අපගේ ඉඩමක් ඔබ හෝ කාගේ හෝ පුද්ගලික ඉඩමක් රජය විසින් අත්පත් කර ගෙන තිබේ නම් එයාට එම ඉඩම නිදහස් කිරීම රජයේ වගකීමක්. මොකද අප වගේ රටවල්වල ඉඩම් කියන්නෙ අපේ රටේ දේපලක් විතරක්ම නෙමෙයි. ඉඩම් කියන්නෙ අපේ රටේ ඥාතිත්වය, සාමාන්‍යයෙන් අපි දන්නවා ගම්වල බයිසිකලේ විකුණනවා, උකස් තියෙනවා, මහන මැෂින් එක විකුණනවා, වතුර පොම්පෙ විකුණනවා, හැබැයි ඉඩම විකුණන්නෙ නෑ. ඉඩමත් එක්ක තිබෙන දේපල සම්බන්ධයකට වඩා ඥාතීත්වයක් තිබෙනවා. ඒ නිසා තමන්ගේ ඉඩම් දීර්ඝ කාලයක් තිස්සේ රජය අත්පත් කරගෙන තිබෙනවා නම් එම පුරවැසියන්ට ඉඩම් නිදහස් කර දිය යුතුයි.

ඒ වගේම ජාතික ඉඩම් ප්‍රතිපත්තියක්‌ අවශ්‍යයි. හැබැයි එළියෙ හැදුවේ ඒක නෙමෙයි. පොළිස් බලතල ද එසේම තබනවා කියලා. එනිසා අපි දැනගන්න කැමතියි එහෙනම් මේකෙ ප්‍රතිවිරෝධය තිබෙන්නේ කා ළඟද කියලා, ප්‍රතිවිරෝධය තියෙන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා ඒ ප්‍රශ්නය නියෝජනය කරන මතයයි, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා එම ප්‍රශ්නය නියෝජනය කරන මතයයි දෙකක්. දෙපැත්තේ ඉන්නේ කවුද අගමැති සහ ජනාධිපති, දෙපැත්තේ ඉන්නේ කවුද ජනාධිපති සහ මහින්ද රාජපක්ෂ. ඕගොල්ලෝ අතර තමයි මේ ප්‍රශ්නය තිබෙන්නේ. එහෙනම් ඕගොල්ලෝ එකඟතාවයකින් අපිට ලියවිල්ලක් ඉදිරිපත් කරන්න. ඒ ලියවිල්ල ගැන අපි කතා කරන්නම්,

මේක විසඳීම සඳහා මං දැක්කා සර්ව පාක්ෂික සමුළුවක් කැඳෙව්වා, අපි ගියේ නෑ , අපි මොකටද ඒකට යන්නේ, ආණ්ඩු ඉස්සෙල්ලා මූලික ලියවිල්ලක් ඉදිරිපත් කරන්න, ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, මහින්ද රාජපක්ෂත් යන ආණ්ඩුවේ ප්‍රබලයන් තුන්දෙනා එකතුවෙලා මේ ජාතික ප්‍රශ්නය විසඳීම පිළිබඳ එක්ක ලියවිල්ලක් ඉදිරිපත් කරන්න. ජනාධිපති මේ පුටුවේ වාඩි වෙලා එකක් කියන්න හදනවා, අගමැති ගිහිල්ලා තව කට්ටියක් අවුස්සනවා.. මේකනේ කරන්නෙ, ජනාධිපති එකක් කියනවා, මහින්ද රාජපක්ෂ මහතා තව එකක් කියනවා. මේ කරන්න හදන්නේ මොකක්ද ?

අපේ රටේ දේශපාලනය පහුගිය කාලෙම ක්‍රියාත්මක වුණේ මේ ප්‍රශ්නය මත, 1999 චන්ද්‍රිකා ජයග්‍රහණය කරන්නේ අවසන් බෝම්බය නගර සභාවේ, ඒ කියන්නේ අනුකම්පාව, 2005 ජනාධිපති තේරෙන්නෙ යුද්ධය ද සාමය ද, 2010 ඡන්දය තීරණය වෙන්නේ යුද්දෙ ඉවර කරේ ෆොන්සේකා ද? මහින්ද ද? 2020 තීන්දු වෙන්නේ ජාතික ආරක්ෂාව..

ඒ නිසා මේ රටේ පහුගිය කාලේ පුරාවටම දේශපාලනය හැසිරුනේ මේ ජාතිවාදය අවුස්සමින් ජාතිවාදය කේන්ද්‍රගත කරමින්. මෙම මැතිවරණ කැඳවලා තියන වෙලාවක නැවත මේක දාන්නේ ඇයි? මොන අරමුණින් ද? මේ කිසි අරමුණක් නෙමෙයි තියෙන්නේ දේශපාලන අරමුණක්. ඇත්ත… උතුරේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නයක් තියෙනවා, ඇත්ත.. ඔවුන්ගේ ජීවිත වල ඛේදවාචකයක් තියෙනවා, මේ මිනිසුන්ගේ ජීවිතයේ මුහුණ දෙන ඛේදවාචකය ඉතාමත් අඩු ලංසුවට දේශපාලන වේදිකාවේ විකිණීම සඳහා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කරන ලද උගුලක් මේක..

රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවක් හදනවා නම් අවුරුදු හතර හමාරක් අගමැතිධුරය දැරුවා. අවුරුදු හතරක් ව්‍යවස්ථා සභාව තිබුණා. මේ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කරලා, මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ නියෝජිත කමිටුවක් හැදුවා. අගමැති දිනේෂ් ගුණවර්ධන මැතිතුමා එතන නියෝජනය කළා, මම නියෝජනය කළා, ටීඑන්ඒ එකේ සම්බන්ධන් මහත්මයා නියෝජනය කළා, හකීම් මහත්මයා නියෝජනය කළා, මේ ඕකකොම නියෝජනය කළා. අවුරුදු හතරක් සාකච්ඡා 82ක් තිබුණා. සාකච්ඡා 82 ම රනිල් වික්‍රමසිංහ මුලසුන දැරුවා. එක වෙලාවකදී තීන්දුවක් ගත්තා මේ සභාවට තමතමන්ගේ පක්ෂවල යෝජනා ඉදිරිපත් කරන්න කියලා. පක්ෂයක් හැටියට අපි අපේ යෝජනා ඉදිරිපත් කළා, දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා ඒ වෙලාවේ එතුමලාගේ යෝජනා ඉදිරිපත් කළා, හකීම් මැතිතුමා එතුමලාගේ යෝජනා ඉදිරිපත් කළා, දෙමළ ජාතික සන්ධානය තමන්ගේ යෝජනා කළා. එතනට ඇවිල්ලා හිටපු සියලු පක්ෂ මේ අලුත් ව්‍යවස්ථාව පිළිබඳ තමන්ගේ යෝජනාව ඉදිරිපත් කළා. හැබැයි ඉදිරිපත් නොකරපු එක්කෙනා කවුද? ඒ වෙලාවේ මුලසුන දරපු රනිල් වික්‍රමසිංහ. එයා අඩුම තරමේ ඒ ව්‍යවස්ථා සභාවට එක යෝජනාවක් ඉදිරිපත් කරාද? ඉදිරිපත් කළේ නෑ. මම ඇහුවා ඇයි යෝජනාවක් ඉදිරිපත් නොකරන්නේ කියලා. ඒ වෙලාවේ මොකද්ද කිව්වේ? “ඔයගොල්ලෝ කැමති වැඩකට මම කැමතියි..” ඔන්න රනිල් වික්‍රමසිංහ.

මතක තබා ගන්න. මේ ප්‍රශ්නය පිළිබඳ ස්ථාවරයක් දැක්වූයේ නෑ. ඒ ව්‍යවස්ථාවට අවශ්‍ය වෙන තමන්ගේ යෝජනා කිව්වේ නෑ. ඔයගොල්ලෝ කැමති වෙන එකකට මම කැමතියි. බෝලේ අනික් පැත්තට දානවා. මේකයි එයාගේ උපක්‍රමය. හැමදාම (නියෝජ්‍ය කතානායකතුමනි) මේ ප්‍රශ්නය ඒ ගොල්ලන්ගේ දේශපාලන වේදිකාවේ දඩමීමාවක් බවට පත්කර ගන්නවා. අද ලංකාවේ ප්‍රධාන ප්‍රශ්න මතුවී තිබෙනවා. ආර්ථිකය කඩා වැටිලා තිබෙනවා. දරුවන්ට රස්සා නැතිවෙමින් තිබෙනවා. භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් නැතිවී තිබෙනවා. වී මිල විශාල ලෙස කඩා වැටී තිබෙනවා. මේ වෙලාවේ ගත්තොත් වී කිලෝ එකක නිශ්පාදන පිරිවැය රුපියල් 100ට වඩා වැඩියි. කිලෝ එකක් ගන්නේ රුපියල් 70 ට. මහ කන්නයේ අස්වැන්න ආරම්භ කරා විතරයි. මතක තබා ගන්න. මේ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙද්දී, රනිල් වික්‍රමසිංහට ඕනෑකම වී තිබෙනවා සමාජයේ වෙන දේශපාලන ගැටුමක් හදන්න. ඒ දේශපාලන ගැටුම හැදීම සඳහා තමයි මේ කතාව කරේ.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan