කෑගල්ලේදී පොහොට්ටු අපේක්ෂකයින්ගෙන් සාගරට දෝස්මුරයක් !

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් දැනුවත් කිරීමේ රැස්වීමක් ඊයේ (11) කෑගල්ලේදී පැවැත්වී තිබේ.

ඒ, එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

එහිදී පොහොට්ටුවේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂයින්ගෙන් සාගර කාරියවසම් මහතාට දැඩි දෝෂාරෝපණයක් එල්ල වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ හෝ වෙනත් රාජපක්ෂවරුන්ගේ ඡායාරූප ඇතුළත් එකදු පත්‍රිකාවක් හෝ කොළඹින් නොඑවන ලෙස ඔවුන් සාගර කාරියවසම් මහතාට තරයේ ප්‍රකාශ කර ඇති බවත් වාර්තා විය. අවශ්‍යම නම් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය පමණක් භාවිතා කරන ලෙසත් ඔවුන් පවසා ඇත.

එමෙන්ම මැතිවරණයක් පැවැත්විය යුතු බව පවසමින් ඒ වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ද එම අපේක්ෂකයින් සාගර කාරියවසම් මහතාට බැනවැදී ඇති අතර සාගරලාට අවශ්‍ය වී ඇත්තේ පක්ෂය විනාශ වී යනවා දැකීමට බවටත් එසේ පක්ෂය විනාශ කරමින් ඒ හරහා ගොඩයෑමට සාගරලා උත්සාහ කරන බවටත් ඔවුන් චෝදනා කර ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...