හදිසි හෝ අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම කෙටි කාලයක් සඳහා කල්දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ රෝහල්වලට උපදෙස් දී තිබේ.
වෛද්‍ය නිර්දේශ මත කල්දැමිය හැකි ශල්‍යකර්ම මෙසේ කෙටි කාලසීමාවක් සඳහා ප්‍රමාද කරන්නැයි උපදෙස් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ.
කෙසේවෙතත් හදිසි හා අත්‍යාවශ්‍ය ශල්‍යකර්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදුකිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
RN