Thursday, March 30, 2023
spot_img

Latest Posts

සෞඛ්‍ය සහ විදුලිය අත්‍යවශ්‍ය සේවා වෙයි – වැඩවර්ජනය හකුළයිද?

රෝහල් සේවා කටයුතු සහ විදුලිය සැපයුම අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට රජය කටයුතු කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ අත්සනිනුයි එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව විදුලිය සැපයුම,රෝහල්වල,සත්තු නිවාසවල,බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම හා පිළිගැනීම,රැකවරණය,පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය සේවා සියල්ල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇත.

මේ අතර ඉල්ලීම් කිහිපයක මුල් කරගනිමින් සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 18 ක පමණ සහභාගීත්වයෙන් ආරම්භ කර තිබෙන වැඩවර්ජනය අද (12) හය වන දිනටත් තවදුරටත් ක්‍රියාත්මකව පවතියි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.