ඉන්ධන මිල ඉහළ දැමීමට සංස්ථාවෙන් යළි යෝජනාවක්!

ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යළි රජයට යෝජනා කර තිබේ. ඒ අනුව සංස්ථාව විසින් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත එම යෝජනාව සිදුකර ඇත.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම නිසා ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාව දැඩිව මතුව තිබෙන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙන්වාදෙන්නේ.

පවතින තත්ත්වය මත ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයක් වෙනුවෙන් රු.50කට ආසන්න පාඩුවක් සහ පෙට්‍රල් ලීටරයක් වෙනුවෙන් රු.15කට ආසන්න පාඩුවක් දරන බවද සඳහන්.

IOC සමාගමද පසුගිය 06 වැනිදා ඉන්ධන මිල ඉහළ දැමූ අතර එම තත්ත්වය මත සිපෙට්කෝ අලෙවි සල් වෙත ඉල්ලුමද ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එම ඉන්ධන සල් තුළද මිල ගණන ඉහළ දැමීමේ අවශ්‍යතාව මතුව ඇතත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් තවමත් නිශ්චිත පිළිතුරක් ලැබී නැති බවයි දැක්වෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...