*
Friday, April 26, 2024
spot_img

Latest Posts

කොවිඩ් අස්සේ ඉබෝලා-වැනි අලුත් වෛරසයක්? බ්‍රිතාන්‍යයේ තිදෙනෙකුට ලසා උණ. එක් අයකු මරුට!

ඉබෝලා වෛරසයට සමාන වෛරස ආසාදනයක් මත හටගන්නා ලසා උණ තත්ත්වය හටගත් පුද්ගලයන් තිදෙනෙකු එක්සත් රාජධානියෙන් හමුවී ඇති බවට එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

ඔවුන්ගෙන් ද එක් අයකු මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රෝගී තත්ත්වය මත එක්සත් රාජධානියේ බෙඩ්ෆෝර්ඩ්ෂයර් හි ලූටන් ඇන්ඩ් ඩන්ස්ටබල් විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුයි මෙසේ මරණයට පත්ව තිබෙන්නේ.

මීට ඉහත මෙම ඉබෝලා ට සමාන වෛරස ආසාදනය මත හටගන්නා උණ තත්ත්වය හටගත් පුද්ගලයන් දෙදෙනෙකු එංගලන්තයේ නැඟෙනහිර ප්‍රදේශයෙන් වාර්තා විය.

විශේෂත්වය වන්නේ මෙම පුද්ගලයන් තිදෙනාම එකම පවුලේ සාමාජිකයන් වීමයි.

ඔවුන් මෑත කාලසීමාව තුළ බටහිර අප්‍රිකාවට සංචාරය කර ඇති බවට විශ්වාස කරන අතර, බටහිර අප්‍රිකාවේ ඇතැම් කලාප වල සතුන් හරහා සම්ප්‍රේශණය වන මෙම ආසාදනය වසංගත තත්ත්වයක් මට්ටමට පැතිර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Luton and Dunstable University Hospital
Image:The patient died at Luton and Dunstable University Hospital. File pic

සාමාන්‍යයෙන් ලසා උණ තත්ත්වය හටගන්නේ වෛරසය ආසාදනය වූ මීයන්ගේ මළ හෝ මුත්‍රා මිශ්‍ර වූ ආහාර ශරීරගත වීමෙන් හෝ ගෘහභාණ්ඩ පරිහරණය කිරීමෙන් ය.

එය ආසාදිත දේහ තරල හරහා ද සම්ප්‍රේශණය විය හැකි බවට වාර්තා වේ.

දැනට මෙම ආසාදනය එක්සත් රාජධානිය තුළ ව්‍යාප්ත වීම සඳහා පවතින්නේ ඉතාමත් අඩු අවදානම් තත්ත්වයක් බව ද එරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි.

ලසා උණ තත්ත්වය හටගැනීමට හේතුවන වෛරසය අලුත් වෛරස ආසාදනයක් ද? ලසා උණ තත්ත්වය හට ගන්නේ ලසා වෛරසයෙන් වන අතර, මෙය පළමු වරට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී තිබෙන්නේ 1980 වර්ෂයේදී ය.

ඒ අනුව, මෙය අලුත් වෛරස ආසාදනයක් නොවන අතර, යම් යම් අවස්ථා වල බ්‍රිතාන්‍යය තුළ ඉතා අඩු අවදානමක් සහිතව හිස එසවූ උණ තත්ත්වයකි. අවසාන වරට ලසා උණ තත්ත්වය බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී තිබෙන්නේ මීට වසර 13 කට පෙර වන අතර, 1980 වර්ෂයේ සිට මේ දක්වා වාර්තා වී ඇති මුලු ආසාදිතයන් ප්‍රමාණය 08 කි.

Lassa fever. Pic: CDC
Image:Lassa fever is usually caught from exposure to food or household items contaminated with the urine or faeces of infected rats. Pic: CDC

ලසා වෛරසය පළමු වරට ලොව හඳුනා ගෙන තිබෙන්නේ නයිජීරියාවෙන් වන අතර ඒ 1969 වර්ෂයේදී ය. ලසා උණ තත්ත්වය නිසා මරණයට පත්වීමේ සම්භාවිතාව සියයට 25 පමණ බව පැවසේ.

අප්‍රිකානු කලාපයේ ඇතැම් ප්‍රදේශ වල මෙය වසංගත තත්ත්වයක් ලෙස ව්‍යාප්ත වී තිබේ.

අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan