*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ජනාධිපතිතුමනි රෝසමල මෙතන, මෙතන නටන්න! (VIDEO)

මේ මොහොතේ පවතින ප්‍රශ්නය පොහොර වන අතර එදා සල්ගාදු පිටියට පැමිණි ජනතාව ඉල්ලා සිටියේද පොහොර වන හෙයින් එයට විසඳුම් දෙන ලෙස එක්සත් පුරවැසි සන්ධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ පොර වන හෙයින් විහිළු කතා නොකියන ලෙසයි ඔහු සඳහන් කරන්නේ.

”20 වෙනි සංශෝධනයත් එක්ක විධායක ජනාධිපතිවරයෙක් කියන තැනිනුත් එහාට ගිහිල්ලා සියලු බලය තමන්ගේ අතට අරගත්ත සර්වාධි ස්වරූපයේ ජනාධිපති කෙනෙක්. ඒ නිසා පහුගිය දවස්වල පොහොට්ටුවේ වේදිකාවට නැග්ග බන්දු සමරසිංහ මහත්තයා වගේ කතා කරලා විහිළු සපයන්න එපා. තවත් විහිළු සපයන්න එපා. විහිළු සපයල සපයල මිනිස්සුන්ට ඉල ඇට කැඩෙනවා මේ විහිළුවලට.ඒ නිසා ප්‍රශ්නයට උත්තරය දෙන්න. ප්‍රශ්නය පොහොර. තමන්ට ජන්දය දීපු මිනිස්සු ඉල්ලන්නෙත් පොහොර. මේ රටේ සාතිශය බහුතරයක් ඉල්ලන්නේ පොහොර. ඔබතුමා කියනවා මට බහුතරයේ කැමැත්ත ඉටුකරන්න බැහැ කියල. එහෙනම් මොන මලඉලව්වකට ද බහුතරයක් ජන්දය ගත්තේ. ලක්ෂ 69 කියන්නේ බහුතරය. බහුතරයක් ජන්දය අරගෙන ජනාධිපතිවරයා ඉටුකරන්නේ සුළුතරයක් වෙච්ච මේ රටේ පාදඩ ධනපති ව්‍යාපාරිකයින්ගෙයි විදේශ සමාගම්වලයි වුවමනාව. ඒ නිසා අපිට පේනවා ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුවේ පවතින පන්ති පක්ෂපාතීත්වය.
සල්ගාදු එකට ආපු මිනිස්සු කෑගල ඉල්ලුවේ පොහොර. පොහොර ටික දෙන්න මිනිස්සුන්ට. ප්‍රශ්නය තියෙන්නේ එතන. තමන් නොදන්නා හරියට වෙනත් ලෝකෙක ඇවිත් ගිරිය පුප්පන් කෑගහල වැඩක් නැහැ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan