UPI ( ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය) මෙරටට හඳුන්වාදීම අද!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 12 කොළඹ (LNW):අද (12) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙන් UPI හෙවත් ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය මෙරටට හඳුන්වාදීම සිදු කෙරෙන බව සඳහන් වේ.

එම අවස්ථාව සඳහා නායකයින් දෙපළ මාර්ගත ක්‍රමය ඔස්සේ එක්වන අතර එහිදී ඔවුන් එම ගෙවීම් ක්‍රියාවලිය ආරම්භ කරමින් අත්සන් තැබීමට ද නියමිතයි.

එම ක්‍රමවේදය යටතේ ලියාපදිංචි වී ඇති ඕනෑම බැංකුවක් හරහා ක්ෂණිකව ගෙවීම් කටයුතු කිරීමට පුද්ගලයෙකුට හෝ වෙළඳ ආයතනයකට අවස්ථාව හිමි වේ.

ජංගම දුරකථන අංකය මත පදනම්ව ලියාපදිංචි විය හැකි යෙදුමක් වන මෙය සරල පියවර කිහිපයක් මගින් ඕනෑම බැංකුවක් හරහාද ගනුදෙණු කිරීමට හැකියාව පවතින බව සඳහන් වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, පසුගිය වසරේ UPI ගෙවීම් පද්ධතිය හරහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.7ක ගනුදෙණු සිදු කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

ජනාධිපති පුටින් දිල්ලියේ සංචාරයක; නව ගිවිසුම් රැසක් අත්සන් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ආපදා සහන සැලසීම වෙනුවෙන් ජපානයෙන් තවත් වෛද්‍ය කණ්ඩායමක් එයි!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදාවන්ගෙන් විපතට පත් ශ්‍රී...