සබරගමුවේ සිසුන් 07ක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 12 කොළඹ (LNW): පසුගිය 9 වනදා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්ට එම පීඨයේම ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් රාත්‍රීයේ විදුලිය විසන්ධි කර පහරදීමේ සිද්ධියක් වාර්තා වූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

තුවාල ලැබු සිසුවියක සහ සිසුන් දෙදෙනෙකු රෝහල් ගත කෙරුණි.

ඔවුන් පැවසුවේ, පිටතින් ආහාර රැගෙනවිත් කෘෂි විද්‍යා පීඨයේ ආපනශාලාවේ දී ආහාර ලබා ගනිමින් සිටිය දී මෙසේ ජ්‍යෙෂ්ඨ සිසුන් පහරදුන් බවයි .

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 7 දෙනා බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...