*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

විධායකය අහෝසි කරන්න හදන්නේ වික්‍රමසිංහට දිනන්න බැරි නිසා – මුජිබර්

කොළඹ LNW: ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය ජයගන්න නොහැකි නිසා ජනාධිපතිධුරය අහෝසි කරන්න උත්සහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

2024 ඔක්තොම්බර් මාසයට පෙර ජනාධිපති මැතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරලා තිබෙන හෙයින් ජනාධිපති මැතිවරණය ව්‍යවස්ථාව අනුව පැවැත්විය යුතු වන බවයි රහුමාන් මහතා සඳහන් කරන්නේ.

මෙවැනි වාතාවරණයක් තුළ පසුගිය කාලය පුරා වර්තමාන අණ්ඩුව පාර්ලිමේන්තුවට අණ පනත් ගෙනෙමින් හිදිසියේ සම්මත කර ගැනීමට කටයුතු කරන බවද ඔහු කියාසිටියි.

”මේ වනවිට ඔන්ලයින් පනත පාර්ලිිමේන්තුවේදී සම්මත කළා ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ගේන්න සුදානම් කරලා තිබෙනවා. ත්‍රස්ත පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලද නැද්ද කියන දේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙනවා. මර්දනකාරී අණ පනත් ගෙනල්ලා ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ජයග්‍රහනය කර ගන්න අවශ්‍ය සැලසුම් ආණ්ඩුව සිදු කරන්න උත්සහ දරමින් සිටිනවා. රටේ තිබෙන සමාජ මාධ්‍ය ජාලාවලට , වෙබ් අඩවි වලට සහ සියලුම ජනමාධ්‍ය වලට එරෙහිව ඔන්ලයින් පනත ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ හරහා ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය තමන්ගේ යටතට පත් කර ගැනීම. පවතින ආණ්ඩුවට එරෙහිව කරුණු කාරනා මතු කරමින්, ආණ්ඩුවේ වංචා දුෂණ හෙළි කරමින් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධිභාවය හා රට බංකොලොත් කළ පිරිසක් පාලනයේ රැඳී සිටිම ගැන සමාජ මාධ්‍ය හරහා විශාල විරෝධයක් ආණ්ඩුවට එල්ල වෙලා තිබෙනවා. ඔන්ලයින් පනතේ කරණු 13 ක් සංශෝධනය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ අනුව මෙම පනත සම්මත කර ගැනීමට නම් තුනෙන් දෙකක බහුතර බලයක් ආණ්ඩුව ලබාගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙනවා. එසේ ප්‍රකාශ කර තිබියදිත් ආණ්ඩුව මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තා.

යුක්තිය පසදලිමේ ක්‍රියාවලිය කරන්න පාර්ලිමේන්තුවේදී ආඩුපාඩු සහිතව ඔන්ලයින් පනතක් සම්මත කරගෙන තිබෙන අතර එම ආඩුපාඩු සහිතව සම්මත කරගක් පනතකින් යුක්තිය ඉටු වෙයිද යන ප්‍රශ්නය හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් නගනු ලබයි.

මේ අතර විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ ආණ්ඩුවේ උත්සහයක් පවතින බවටද හිටපු මන්ත්‍රීවරයා කරුණු දක්වා සිටියි.

‘‘විධායක ජනධිපතික්‍රමය අහෝසි කරන්න ඕන කියලා සිවිල් සංවිධාන විසින් රටේ මතයක් නිර්මාණය කරමින් පවතිනවා. විධායක ජනධිපතික්‍රමය අහෝසි කළ යුතුයි කියන මතයේ තමයි සමගි ජන බලවේගයත් සිටින්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවුරුද්දකට වැඩි කාලයක් විධායක ජනධිපතිධූරයේ සැප භුක්ති විදලා දැන් විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න කටයුතු කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය දිනන්න බැරි නිසා විධායක ජනධිපතික්‍රමය අහෝසි කරන්න ජනාධිපතිවරයා උත්සහ කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ඡන්ද නොතියා යන පුද්ගලයෙක්. පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැතිව අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙලා තිබෙනවා. පළාත් පාලන මැතිවරණය ජනාධිපතිවරයා පැවැත්වුවේ නැත්තේ පරදින නිසා. ජනාධිපති මැතිවරණය දිනන් බැ කියලා වැටහෙනකොට ජනාධිපතික්‍රමය වෙනස් කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා උත්සහ කරනවා. ‘‘ යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan