ඇමති අමරවීර ණය ගෙවූ හැටි

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 12 කොළඹ (LNW): වසර 05ක් පුරා නොගෙවා තිබු පොහොර ණය මිලියන 23,000කින් 93%ක් පසුගිය වසරේ දී ගෙවා දැමූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

2021 දක්වා වසර පහක් තුළ ණයට පොහොර මිල දී ගැනීම නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙරට පුද්ගලික අංශයට රුපියල් මිලියන 23,000ක හිඟ මුදලක් ගෙවීමට නියමිතව තිබූ නමුත්, වත්මන් රජය යටතේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමන්ගේ මැදිහත් වීම මත පැවැති ආර්ථික ගැටළු මධ්‍යයේ වුවද මෙරට පුද්ගලික අංශයට රසායනික පොහොර මිල දී ගැනීම නිසා ගෙවීමට තිබුනු ණය මුදලින් 2023 වසර අවසන් වනවිට සියයට 95ක් ගෙවා අවසන් කිරීමට හැකි වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය,

ඒ අනුව 2023 වසර වනවිට රුපියල් මිලියන 18,000ක මුදලක් ගෙවීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබා දුන් අතර, එම ණය මුදල් ප්‍රතිපූර්ණය වීම නිසා පුද්ගලික අංශය මුල්‍යමය වශයෙන් ශක්තිමත් වීම හේතුවෙන් පසුගිය මහ කන්නයේ දී කිසිදු හිඟයයකින් තොරව රසායනික පොහොර දේශීය වෙළෙඳ පොළට ලබා දීමට එම ව්‍යාපාරිකයින්ට හැකි විය.

දැනට හිඟ මුදල් වශයෙන් ගෙවීමට ඇත්තේ රුපියල් මිලියන 5000ක මුදලක් පමණි. එම මුදල ගෙවීම සම්බන්ධව පවතින නීතිමය ගැටළුව අවසන් වූ වහාම එම මුදලත් ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර රජය විසින් පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ගිණුම්වලටම මුදල් ප්‍රතිපාදන ලබා දීමට ගත් තීන්දුවත් සමග රජය විසින් පොහොර බෙදාහැරීම සඳහා වැය කළ අති විශාල මුදලක් ඉතිරි කර ගැනීමට ද හැකි විය.2022 යල කන්නයේ දී දිවයින පුරා පොහොර බෙදා හැරීම සඳහා ප්‍රවාහන ගාස්තු වශයෙන් රුපියල් බිලියන 06කට ආසන්න මුදලක් මෙන්ම ඉන්පසු 2022 මහ කන්නයේ දී ද පොහොර බෙදා හැරීම සඳහා රජයට රුපියල් බිලියන 07ක පමණ මුදලක් වැය කිරීමට සිදු විය.

නමුත් 2023 යල කන්නයේ ගොවීන්ට පොහොර මිල දී ගැනීමට වවුචර්පත් නිකුත් කළ අතර මහ කන්නයේ දී ගොවි ගිණුම්වලටම මුදල් බැර කරනු ලැබූ අතර, මේ හේතුවෙන් පොහොර බෙදා හැරීමට රජයට වැය කිරීමට සිදුවූ අති විශාල මුදලක් කළමණාකරණය කර ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...