Habibi Come To ඩුබායි ගංවතුරට යට වෙන්න!

සටහන – නිපුනි ලියනගේ

පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අබුඩාබි සහ ඩුබායි හි සඳුදා(12) අලුයම අකුණු, ගිගුරුම් සහිත ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ, අබුඩාබියේ සමහර ප්‍රදේශ හිම කැට තට්ටුවලින් වැසී ගොස් තිබේ.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) විසින් රතු සහ ඇම්බර් අනතුරු ඇඟවීමක් නිකුත් කර රාත්‍රී හය දක්වා වැසි සහිත කාලගුණයක් ගැන අනතුරු අඟවා ඇත.

බටහිර වායු ධාරා, රට පුරා ඇති සීතල වායු ස්කන්ධය සහ ඉහළ වායු අවපාතය යන කාලගුණ වෙනස්කම් සහ ගංවතුර, වතුර ගැලීම් ද මේ වනවිට බොහෝ සේ පැතිර පවතී.