*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

විදර්ශන ප්‍රකාශන බිහි වුණේ සයිමන් නවගත්තේගමගෙ යෝජනාවකට – ජනක ඉණිමංකඩ

විදර්ශන ප්‍රකාශකයන් යනු ලාංකීය සාහිත්‍යයට අමිල මෙහෙයක් ඉටු කළ ප්‍රකාශන ආයතනයක් වශයෙන් හැඳින්වීම සැබැවින්ම අතිශයෝක්තියක් නොවේ. පරිවර්තන කෘති තුළ පරිවර්තකයාගේ නම ඉස්මතුකරලීම වෙනුවට මුල් කෘතියේ ලේඛකයාගේ නම ඉස්මතුකර පෙන්වීම විදර්ශන පරිවර්තන කෘති තුළ තිබූ සුවිශේෂී ලක්ෂණයකි.

සාහිත්‍ය උදෙසා මහඟු මෙහෙවරක නිරත වී සිටින මෙම ප්‍රකාශන ආයතනයේ අළුත්ම වැඩපිළිවෙළ වන ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ පිළිබඳව සාකච්ඡා කිරීම කාලීන යැයි සිතුවෙමු. ඉතිං පහතින් පළ වන්නේ ඒ පිළිබඳව විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩ මහතා සමඟ ලංකා නිවුස් වෙබ් අඩවිය සිදු කළ සාකච්ඡාවයි.

Q. විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024 නම් වූ ත්‍යාග ප්‍රදානෝත්සවය කියන්නෙ ඇත්තටම මොකක්ද?

A. විදර්ශන සාහිත්‍ය ත්‍යාගය කියන එක ඇත්තවශයෙන්ම සංවිධානය වෙන්නෙ…, ලංකාවේ සිංහල භාෂාවෙන් නිර්මාණකරණයේ යෙදෙන නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඇගයීම සහ එය කිසියම් ආකාරයකට ඔසවා තැබීමකට කරන උත්සාහයක් හැටියටයි අපිට මේක නම් කරන්න පුළුවන්. එතනදි මූලික වශයෙන් සළකා බලන්නෙ මුද්‍රිත ප්‍රකාශන නෙමෙයි පවුද්ගලික ප්‍රකාශනයි. ඒ කියන්නෙ අත්පිටපත්.

ඊළඟ කාරණාව තමයි මීට පෙරාතුව ලාංකීය සමාජයට තිබුණ අත්පිටපත් ඇගයීමට ලක්වීමට තිබුණ ප්‍රධාන අවස්ථාව තමයි ඩී.ආර්.විජේවර්ධන සම්මානය කියන සම්මාන උත්සවය . ඒක නවකතතා සඳහා පමණයි පිරුණැමුනෙ. විදර්ශන සාහිත්‍ය ත්‍යාගය මෙතෙක් පළ නොවුණ නවකතා, කෙටිකතා සහ කාව්‍ය සංග්‍රහ සහ මීට පෙරාතුව දෙමළ භාෂාවෙන් පළ වූ නිර්මාණ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම ආදී අංශ ඔස්සේ ඇගයීමක් තමයි මේකෙන් සිදු වෙන්නෙ.

එතකොට මේකෙදි විශේෂයෙන් කියන්න ඕන ලංකාවේ සාහිත්‍ය සහ අනෙකුත් කලා ඇගයීම්වල භාවිතා කරන වචනය තමයි සම්මානය කියන එක. නමුත් ලෝකයේ සාහිත්‍යය ඇගයීම් වලදී ප්‍රයිස් කියනය වචනය තමා යොදා ගන්නෙ. විශේෂයෙන්ම සාහිත්‍යය සඳහා පිරිනැමෙන නොබෙල් සම්මානය නොබෙල් ත්‍යාගය කියලා තමයි හඳුන්වන්නෙ. ඒ වගේම දෙවනියට ලෝකයේ වඩා ඇගයුමට පත් වෙලා තියෙන බුකර් ඇගයීම හඳුන්වන්නෙත් බුකර් ත්‍යාගය කියලයි. ඒ නිසා අපි තීරණය කළා මේක විදර්ශන සාහිත්‍ය ත්‍යාගය විඳියට නම් කරන්න.

ඒක නිසා මෙතනදී වෙන සුවිශේෂ දෙයක් තමයි ලංකාවේ අනෙකුත් සාහිත්‍ය ඇගයුම් වලදී එම ඇගයුම් මණ්ඩළ මුලින් හෙළිදරව් නොකිරීම කියන කාරණාව. එතකොට මෙතනදි අපිට තියෙන විශේෂත්වය තමයි මේ කාණ්ඩ හතරේම විනිශ්චයට ඉන්න අයව අපි නම් කරලා තියෙනවා…ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳව මූලික වශයෙන්ම ඒ අය කව්ද කියලා අපි හෙළිදරව් කරලා තියෙනවා.

එමෙන්ම අපි මේ වෙනුවෙන් නිකුත් කරලා තියෙන වෙබ් අඩවිය තුළ මේ සිදුවන ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව ඉතා පැහැදිළිව දක්වලා තියෙනවා. ඒ නිසා මං හිතනවා මේක සෑහෙන දුරට අපිට වැදගත් වෙනවා කියලා. ඉතිං ඒක තමයි මේකේ මූලික සැකැස්ම.

Q. මේ ත්‍යාග ප්‍රදානයේ විශේෂ කොන්දේසියක් තමයි අත්පිටපත තුළ ලේඛකයාගේ නම කිසියම් හෝ ආකාරයකින් සඳහන් කර නොතිබීම කියන කාරණාව. මේ සඳහා බලපෑව විශේෂ හේතුවක් තියෙනවද?

A. ඒ සඳහා බලපාන කාරණය තමයි අපි ඇගයුම් මණ්ඩළයට ඉදිරිපත් කරන කිසියම් හෝ ලේඛනයක් අදාළ ලේඛකයාගේ නම රහිතව නිර්මාණය කියන එක පමණක් ඉදිරිපත් කිරීම කියන දේ. එතනදි ඇගයුම් මණ්ඩළ සාමාජිකයන්ට නිර්මාණයේ තියෙන ගුණාත්මකභාවය පිළිබඳ තමයි අවධානය යොමු වෙන්නෙ. එහෙම නැතිව ඒ ලේඛකයා විසින් ගොඩනගාගෙන තියෙන සමාජ බලයක් තියෙනවා නම් එතනදි එය නෙමෙයි ඉස්මතු වෙන්නෙ. මෙතනදි නිර්මාණය කියන එක ප්‍රභල වීම මතයි ඒකට විනිශ්චයේ අවධානය යොමු වෙන්නෙ.

මෙතනදි ආධුනික සහ නව ලේඛක ලේඛිකාවන්ට විශාල විස්වාසයක් ගොඩනැගෙනවා තමුන්ගෙ නිර්මාණය ගුණාත්මකව ඉහළ මට්ටමක තියෙනවා නම් ඒ අයට තරගකාරීව ඉදිරියට එන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා කියන එක. ඒක නිසා තමයි අපි ඒ විඳියට තීරණය කළේ.

ඒ වගේම අනිත් කාරණාව තමයි ලංකාවේ තියෙන සාහිත්‍ය ඇගයුම් පිළිබඳ ලේඛකයන් සහ පාඨකයන්ගෙන් අපිට ලැබිලා තිබුණ අදහස තමයි එකම පිරිසක් අතරේ සම්මාන සහ ඇගයුම් බෙදිලා යනවා කියන එක. එතනදි අපි කෙටිකතා වේවා නවකතා වේවා කවි වේවා අදාළ නිර්මාණ මාධ්‍යයයෙන් විදර්ශන සාහිත්‍ය ත්‍යාගය ලබාගතහොත් අවුරුදු පහක් යනතුරු නැවත ඒ අයට ඒ මාධ්‍යයයෙන් නිර්මාණ ඉදිරිපත් කරන්න බෑ කියන එක. ඒක පිළිබඳවත් අපි සැළකිළිමත් වෙලා තියෙනවා.

Q. මේ සාහිත්‍ය ත්‍යාග ප්‍රදානෝත්සවය අනිකුත් සාහිත්‍ය සම්මාන උළෙලවල්වලින් වෙනස් වෙන්නෙ කොයි ආකාරයෙන්ද? මොකද ගොඩගේ ප්‍රකාශකයොත් අත් පිටපත් තරඟයක් පවත්වනවනෙ. ඒ වගේ තරඟවලින් මේ ත්‍යාග ප්‍රදානෝත්සවය විශේෂ වෙන්නෙ කොයි ආකාරයටද?

A. විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන කෘති විදර්ශන ප්‍රකාශන ආයතනයෙන්ම පළකිරීමක් සිදු කළ යුතු වෙන්නෙ නෑ. ඒ අය කැමති ඕනෑම ප්‍රකාශන ආයතනයකින් ඒක මුද්‍රණය කරන්න පුළුවන්. දෙවනි කාරණය තමයි මේ සාහිත්‍ය ඇගයුම් ක්‍රියාවලියෙ අපි නිර්මාණ ඉදිරිපත් කරන්න කියලා මාස පහක කාල සීමාවක් ලබාදීලා තියෙනවා. අනිත් කාරණාව තමයි මේ ජයග්‍රාහී අත්පිටපත් මුද්‍රණය කිරීම නෙමෙයි මෙහි අරමුණ වෙන්නෙ ලංකාවේ දෙවනියට විශාලම සාහිත්‍ය උදෙසා දෙන ත්‍යාග මුදල මෙහිදී ලබා දීමයි.

ඒ වගේම තමයි අපි විසාල පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. ඇත්තවශයෙන්ම අපි මෙහිදී ගත්තොත් කෙටි ලැයිස්තුගතවීමේ සිට ඇගයුමට ලක්වීමේ ක්‍රියාවලියත් ඇගයුමට ලක් වූ පසු ඉතාම ඉක්මණින් දින දාහතරක් ඇතුළත එම කෘතිය මුද්‍රණය කරදීම හා ඒ කෘතිය පිළිබඳ පුළුල් සංවාදයක් සාකච්ඡාවක් ගොඩ නගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපි ඒකට විශාල වැඩපිළිවලක් සැළසුම් කරලා තියෙනවා. ඒකට විද්්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය කියන තුනම භාවිතා කරමින් මේ පිළිබඳ සංවාදයක් ඇති කරලා පාඨකයන් අතර මේ කෘතිය ඉදිරියට ගෙනියන්න අපි සැළසුම් කරලා තියෙනවා. ඒ නිසා මේක නිකම්ම අත්පිටපත ඇගයුමට ලක් කරලා ත්‍යාගයක් ලබාදීමක් විතරක් නෙමෙයි. ඇගයුමෙන් පසුවත් ඒ කෘති සමාජගත කිරීම හා පාඨකයන් අතරට ගෙනයෑමටත් වූ පුළුල් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා.

හැබැයි මේ ඇගයුම් අත්පිටපත් විදර්ශන ආයතනයෙන්ම ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය නෑ. කිසියම් වෙනත් ආයතනයක් සමඟ නම් ඒ ලේඛකයා දිගු කළක් වැඩ කරලා තියෙන්නෙ ඔවුන්ට පුළුවන් ඒ ආයතනය හරහා ඒ නිර්මාණය පළ කරන්න.

Q. මේ ත්‍යාගය සඳහා අත්පිටපත් භාර දෙන්න පුළුවන් කවදාවෙනකල් විතරද?

A. මැයි මාසේ පහළොස් වෙනිදා දක්වා අත්පිටපත් ඉදිරිපත් කරන්න පුළුවන්.

Q. එතකොට මේ සඳහා දායක වෙන විනිශ්චය මණ්ඩළය තෝරගන්න බලපාපු නිර්ණායක මොනවද?

A. අපි ඇත්තවශයෙන්ම බලපු කාරණය තමයි අදාළ කේෂ්ත්‍රය සහ ලාංකීය සාහිත්‍ය පිළිබඳ ඔවුන්ට තියෙන අවබෝධය සහ නූතන සාහිත්‍ය සන්කල්ප පිළිබඳ ඔවුන් තුළ තියෙන උනන්දුව සහ ඊට ඔවුන් තූළ තියෙන නැමියාව කියන කාරණාවන්. ඇත්තටම බැළුවොත්…අනික තමයි සාහිත්‍යමය කෝණයෙන් පමණක් නෙමෙයි දෘශ්ටිවාදයන් තුළින් පොහොසත් වුණ වෙනත් කෝණයන් තුළින් කොහොමද සාහිත්‍ය ඇගයුමට ලක් කරන්නෙ කියන කාරණාව.

දැන් ඔබට පේනවා මේ ඇගයුම් මණ්ඩළය තුළ සිනමාව තුළ ඇගයුමට පාත්‍ර වුණ අය ඉන්නවා. එතකොට සිනමාත්මක දෘශ්ටිකෝණයෙන් කොහොමද ඒ අය සාහිත්‍ය කියන එක දකින්නෙ සහ ඔවුන් එකතරා දුරකට ගත්තොත් සාහිත්‍ය කියන තැනින් නැතුව කලා කෘතියක් කියන තැනින් ඇගයුමට ඒක පාත්‍ර කරන්නෙ. ඒක පසුව සමාජය තුළ කථිකාවක් ඇති කරන්නෙ කොහොමද කියන කාරණාවන් වගේ දේවල් ඒ අය දකින්නෙ කොහොමද…පවතින සමාජ මතවාද තුළ ඉදිරිගාමී දැක්මක් තියෙන අය තමයි අපි මෙහිදී ඇත්තටම යොදා ගත්තෙ.

Q. එතකොට ජයග්‍රාහී අත් පිටපත් වලට ලැබෙන ත්‍යාග පිළිබඳවත් පොඩි සඳහනක් කළොත්…

A. ජයග්‍රාහී අත්පිටපත සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක් සහ ජය මූර්තිකාවක් ලබා දෙනවා. ඊළඟට කෙටි ලැයිස්තුගත වූ ඉදිරි කෘති දෙක සඳහා සම්මාන ඵලකයක් සහ මුදලින් රුපියල් පනස් දහසක් ලබා දෙනවා. එතකොට ජයමූර්තිකා හතරක් අපි ලබා දෙනවා නවකතා කෙටිකතා කාව්‍ය සහ පරිවර්තන කියන හතරටම

Q. මේ සඳහා මූල්‍ය දායකත්වය හා සම්පත් දායකත්වය දක්වන්නේ කව්ද?

A. මේකට අනුග්‍රාහක ආයතනත් ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් මේක තනිකරම විදර්ශන ප්‍රකාශන ආයතනයේ අදහසක් අනුව තමයි ක්‍රියාවට නැංවිලා තියෙන්නෙ. නමුත් අපි අනුග්‍රාහක ආයතනවලට මේක විවෘත කරලා තියෙනවා. අනුග්‍රාහක ආයතන වශයෙන් ආයතන රාශියක් අපි සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා. ප්‍රකාශන ආයතන අධ්‍යාපනික ආයතන පුවත් පත් රූපවාහිනී බැංකු ආදී ආයතන මේ සඳහා අපිට අනුග්‍රහය ලබා දීමට සූදානමින් ඉන්නවා. අපි ඉදිරියේදී දැනුවත් කරනවා ඒඅ ය කව්ද කියලා…

Q. විදර්ශන පොත් ආදරයෙන් පරිශීලනය කරන පාඨකයෝ බොහොමයක් දෙනා කැමති ඇති ඇත්තටම මේ ප්‍රකාශන ආයතනයේ ඉතිහාසය ගැන දැන ගන්න. ඒ නිසා අවසාන වශයෙන් මේ ප්‍රකාශන ආයතනයේ ඉතිහාසය ගැනත් එය පටන් ගත්ත ආකාරය ගැනත් සඳහනක් කරොත් හොඳයි කියලා අපි හිතනවා…..

A. 1997 දී මට අවුරුදු විසිපහක කාලයේදී මම ගබ්රියෙල් ගාර්ෂියා මාකේස්ගේ කෙටි නවකතා දෙකක් පරිවර්තනය කළා. මම එය කර්නල් සහ එරන්දිනා නමින් නම් කරලා ඒක ප්‍රකාශයට පත් කරන්න අවස්ථාව හොයලා බලනකොට තරුණයෙක් ලෙස මට ඒ අවස්ථාව ප්‍රකාශන ආයතන කීපයකින්ම ලබා ගන්න අපහසු වුණ නිසා ඒ කාලේ මගේ මිත්‍රයෙක් වෙච්ච සයිමන් නවගත්තේගම මහත්තයා මට යෝජනා කළා මමම මගේ මුදල් යොදලා ප්‍රකාශන ආයතනයක් පටන්ගත්තොත් එයත් එයාගෙ කෘති කීපයක් දෙන්නම් පළ කරන්න කියලා.

ඒ යෝජනාව මත තමයි මම විදර්ශන ප්‍රකාශන ආයතනය නමින් මගේම ප්‍රකාශන ආයතනයක් නිර්මාණය කරලා මගේ පොතයි සයිමන් නවගත්තේගම මහත්මයාගේ සංසාරාරණ්‍යයයේ දඩයක්කාරයා කියන පොතයි පළ කරලා මේ ප්‍රකාශන කේෂ්ත්‍රයට ඇතුළු වුණේ. ඊට පසුව මේ කෘතීන් දෙකට ලැබුණ ඉල්ලුම සහ මගේ මිතුරු කණ්ඩායම් ඇතුළෙ සිටිය ලේඛක ලේඛිකාවෝ ඔවුන්ගේ කෘති ලබා දීම මත මම වෘත්තීයමය ප්‍රකාශකයෙකු වශයෙන් වැඩ කරන්න පටන් ගත්තා.

සාකච්ඡාව සහ සටහන

බාසුරු ජයවර්ධන

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය පිළිබඳ වැඩි විස්තර සඳහා මෙතැනින් යොමුවන්න

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan