මේ විදුලිය බිඳවැටීම සුළු සිද්ධියක්. ඇමති ඉල්ලා අස්වෙන්න ඕනෙ නෑ – ඇමති හඳුන්නෙත්ති

සටහන – රුවන් නෙළුගොල්ල

පානදුරේ ග්‍රිඩ් උපපොලේ ඇතිවූ තත්වයක් මත රටේම විදුලිය විසන්ධි වීමේ සිද්ධිය කිසිවකු හිතාමතා කළ දෙයක් නොවන බවත් එය ආණ්ඩුවක අසාර්ථක වීමක් ලෙස දකින්නට අපහසු බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“ඒ සමතුලිතය බිඳවැටෙන වෙලාවකදී පද්ධතියට හානියක් වෙන්න පුළුවන්, ඒ පද්ධතියට හානියක් සිද්ධ වුණා, ඒක අපි කවුරුත් දැක්කා. ඒක මේ කවුරුත් හිතාමතා කරපු දෙයක් නෙවෙයි. ඒක මේ ආණ්ඩුවක අසාර්ථක වීමක් හැටියට දකින්න අමාරුයි”

ප්‍රශ්නය – සමහර අය කියනවා මේ විදුලිබල ඇමති ඉල්ලා අස්වෙන්න ඕනෙයි කියලා ?

“අපි හිතන්නෙ නෑ මේ වගේ සුළු සිද්ධියකට ඇමතිවරු අස්වෙන්න ඕනෙ කියලා. නමුත් අපි වගකියන ආණ්ඩුවක්. වගකීම අපි භාරගන්න ලෑස්තියි. ඉතින් මේ සිද්ධිය ගත්තොත් එහෙම වගකීම භාරගන්න තරම් හදිස්සි වෙන්න ඕනෙ දෙයක් නෙවෙයි”

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ බව පැවසුවේ විදුලිය බිඳවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (පෙබරවාරි 12) මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...