මොදී සිය පරණ මිතුරා හමුවීමට ඇමරිකා යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙරට අතර ද්වි පාක්ෂික සකච්චා වෙනුවෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට අද(13) වොෂින්ටන් ඩීසී හි ජොයින්ට් බේස් ඇන්ඩෲස් වෙත ගොඩ බැස ඇති බව වාර්තා වේ.

අගමැති මෝදිගේ එක්සත් ජනපද සංචාරය පැමිණෙන්නේ දෙදින ප්‍රංශ සංචාරයකින් පසුව වන අතර, එහිදී ඔහු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර AI සහ සිවිල් න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ සහයෝගීතාවය ඇතුළු පුළුල් පරාසයක කරුණු සාකච්ඡා කර තිබේ.

අද දිනයේ මුලින්ම එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් හමුවීම හා එක්සත් ජනපද කැබිනට් සාමාජිකයින් සහ කර්මාන්ත නායකයින් හමුවීම අපේක්ෂා කරණ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හමුවීම ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වයේ නව පරිච්ඡේදයක් වශයෙන් අගමැති මොදී සඳහන් කර ඇත.

මෙම සංචාරය හරහා ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේ දෙරට අතර පැවති සහයෝගීතාවයේ සාර්ථකත්වයන් මත හවුල්කාරිත්වය තවදුරටත් ඉහළ නැංවීමට සහ ගැඹුරු කිරීමට අපේක්ෂා කරන බව අගමති මොදී ප්‍රකාශ කර ඇති අතර නීතිවිරෝධී සංක්‍රමණිකයන් මර්දනය කිරීම, ඉන්දියා-ඇමරිකා එක්සත් ජනපදයේ විස්තීරණ ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වය ගොඩනැගීම, ආදිය අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...